Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. වැඩ්ඩෝ එංගලන්තයට එරෙහිව

අයි.පී.එල්. වැඩ්ඩෝ එංගලන්තයට එරෙහිව

editorial - 2021 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව ලබන මස ආරම්භවීමට නියමිත තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම්කළ 19 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතයට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පසුගිය වසරේ (2020)  දස්කම් දැක්වූ සූර්යකුමාර් යාදව්, ඉෂාන් කිෂාන් සහ රාහුල් තෙවාටියා එක්කර ඇත.

විස්සයි20 තරගාවලියේදී විරාට් කෝලී නායකත්වය දරන අතර රෝහිත් ෂර්මා උපනායකයා ලෙස කටයුතු කරනු ඇත.

අවසන් වරට ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියට එක්වූ මනිෂ් පාණ්ඩේ, සංජු සැම්සන් සහ මයන්ක් අගර්වාල් ආබාධ හේතුවෙන් මෙවර තරගාවලියට එක් නොවෙති. ඔවුන් වෙනුවට රෝහිත් ෂර්මා, බුවනේෂ්වර් කුමාර්, රිෂාබ් පාන්ට් සහ වරුන් චක්‍රවර්ති නැවතත් විස්සයි20 සංචිතයට කැඳවා සිටිති. 

මුම්බායි ඉන්දියන් පිතිකරුවකු සහ පසුගිය ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී තරුවක් බවට පත්වූ ඉෂාන් කිෂාන්, කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට්ගේ සහයක කඩුලු රකින්නා ලෙස කටයුතු කරනු ඇත.

මුම්බායි පිල නියෝජනය කරන තවත් පිතිකරුවකු වන සූර්යකුමාර් යාදව් පසුගිය වසර කිහිපයේදී දේශීය ක්‍රිකට් පිටියේදී දක්ෂතා දක්වා ඇති අතර රාජස්ථාන් රෝයල් පිල නියෝජනය කරන රාහුල් තෙවාටියාද පසුගිය ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ලකුණු 300 කට වඩා රැස්කරමින් කඩුලු 10 කට වඩා බිඳහෙළා තුන් ඉරියව් දස්කම් දක්වා ඇත.

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය ප්‍රේක්‍ෂකයන් 100,000 කට අසුන් පැනවිය හැකි අහ්මදාබාද්හී මොතෙරා ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතය.

විස්සයි20 තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතය
විරාට් කෝලී (නායක), රෝහිත් ෂර්මා (උපනායක), ලෝකේෂ් රාහුල්, ශීකර් ධවාන්, ශ්‍රීයාස් අයියර්, සූර්යකුමාර් යාදව්, හර්දික් පාණ්ඩ්‍යා, රිෂාබ් පාන්ට්, ඉෂාන් කිෂාන්, යුස්වේන්ද්‍ර චාහල්, වරුන් චක්‍රවර්ති, ඇක්සාර් පතෙල්, වොෂින්ටන් සුන්දර්, රාහුල් තේවාටියා, ටී.නටරාජන්, භුවනේෂ්වර් කුමාර්, දීපක් චාහර්, නව්දීප් සිං සහ ශර්දුල් ඨාකූර්.

- 2079


අදහස් (0)

අයි.පී.එල්. වැඩ්ඩෝ එංගලන්තයට එරෙහිව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.