Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. තියන්න ශ්‍රී ලංකාවෙන් ආරාධනා

අයි.පී.එල්. තියන්න ශ්‍රී ලංකාවෙන් ආරාධනා

editorial - 2021 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩකයන් ඇතුළු 6 දෙනෙකුට කොරෝනා වයිරසය වැළඳීමත් සමගින් අත්හිටවූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරදිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමණාකරණ කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉන්දියාවේ ඩෙකෑන් ක්‍රොනිකල් පුවත් පතට පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ මහාචාර්යවරයාගේ අදහස සම්බන්ධයෙන් තමන්ටත් දැනුම් දී ඇති බවයි.
“මේ ගැන ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් එක්ක කතා කරන්න කියලා ක්‍රිකට් ආයතනයේ ඒ ඒ විෂය බාර නිලධාරීන්ව දැනුවත් කරලා තියෙනවා” යයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අපි අයි.පී.එල් තරගාවලිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත්, එහි මුල් ඇස්තමේන්තුව අනුව අලාභය ඉන්දීය රුපියල් කෝටි 2500 ක් පමණ වෙයි. එය ඇමරිකානු ඩොලර් මිලියන 340 කට ආසන්න අගයක් ගනී. එවන් විශාල අළාභයක් විඳගැනීමට හිටපු ඉන්දීය නායකයා මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපති සව්රව් ගංගුලි මහතා සූදානම් නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“විස්සයි20 ලෝක කුසලානය තරගාවලියට පෙර අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීම සඳහා අපට වෙනත් ක්‍රිකට් ආයතනයක් සමඟ කතා කර ඉඩක් වෙන්කර ගත හැකිදැයි බලන්න වෙනවා” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවීමෙන් පසුව පවසා තිබිණ.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව සූදානම් යයි ඔහු පැවසූ බව ඉන්දියාවේ ඩෙකෑන් ක්‍රොනිකල් පුවත් පත වාර්තා කරයි.

“ඔව්, අපට නිසැකවම අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග වල සත්කාරකත්වය සඳහා සැප්තැම්බර් මාසයේ දී අවස්ථාවක් දෙන්න පුලුවන්” යැයි අර්ජුන ද සිල්වා මහතා කොළඹ සිට දුරකථනයෙන් ඩෙකෑන් ක්‍රොනිකල් පුවත් පතට පවසා ඇත.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ එක් විකල්පයක් බව අපට අසන්නට ලැබුනා. නමුත් ඔවුන්ට ශ්‍රී ලංකාව නොසලකා හැරිය නොහැකියි” යයිද අර්ජුන ද සිල්වා මහතා ඩෙකෑන් ක්‍රොනිකල් පුවත් පතට පවසා තිබිණ.

“අපි ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය ජූලි-අගෝස්තු මාසවල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඊට පස්සේ, සැප්තැම්බර් මාසයේදී අයි.පී.එල් තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ සහ අනෙකුත් යටිතල පහසුකම් සූදානම් කරන්න අපිට පුලුවන්” යැයි ද  අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා ඇත.

මේ මස 20 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් පසු මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ධුර කාලය අවසන් වීමට නියමිතය. නමුත් බලයට පත් වන ඕනෑම අයෙකුට ඉන්දියාවේ ඉල්ලීම ඉටුකළ හැකිවනු ඇත.  

- 2079

 


අදහස් (0)

අයි.පී.එල්. තියන්න ශ්‍රී ලංකාවෙන් ආරාධනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.