Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. තරගාවලියේ මෙහෙයුම් පටිපාටිය

අයි.පී.එල්. තරගාවලියේ මෙහෙයුම් පටිපාටිය

editorial - 2020 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - රොෂාන් ගුණරත්න)

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ප්‍රීමියර් ලීග් 13 වැනි තරගාවලියේ සම්මත මෙහෙයුම් පටිපාටිය නිල වශයෙන් නිකුත් කර තිබේ. එහෙත් තරගාවලියට සහභාගිවන ක්‍රීඩාකයන් නිරෝධායනය වන කාළය දින 6 සිට 3 දක්වා අඩු කිරීමට කණ්ඩායම් හිමිකරුවෝ බලාපොරොත්තුවෙන් සිටිති.

එංගලන්තයට එරෙහිව පසුගියදා අවසන්වූ තරගාවලියට සහභාගීවූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට එංගලන්තයට පැමිණීමෙන් දවස් 3 කට පසුව පුහුණුවීම් සඳහා අවසර ලැබිණ.  ඔවුන්ට එසේ හැකිවූවානම් දවස් 6 ක් වෙනුවට දවස් 3 කින් පසුව ක්‍රීඩකයින්ට ආරක්‍ෂිත ජෛව ගෝලයක් තුල පුහුණුවීම් කිරීමට නොහැකි මන්ද යයි යනුවෙන් කණ්ඩායම් හිමිකරුවෝ විමසති.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද සම්මත මෙහෙයුම් පටිපාටිය අනුව එක්සත් අරාබී එමීර් රාජ්‍යයට පැමිණිමෙන් පසුව 1 වැනි, 3 වැනි සහ 6 වැනි දිනයන් හිදී පී.සී.ආර්. පරීක්‍ෂණ වලට මුහුණ දිය යුතුය. එම පරීක්‍ෂණ තුනෙහිම ප්‍රතිඵලවලින් කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වුවහොත් එම ක්‍රීඩකයන්ට පුහුණුවීම් ඇරඹීමට අවසරය හිමිවනු ඇත. එසේ වුවහොත් පමණක් 2020 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාළය තුල ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය සෞඛ්‍ය ආරක්‍ෂිත ගෝලයකට යොමු කරනු ඇත. එහෙත් තරගාවලිය අතරතුරදී සෑම දින 5 කට වරක් සියළුම ක්‍රීඩකයින් පරීක්‍ෂණයට ලක්විය යුතුව බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද සම්මත මෙහෙයුම් පටිපාටිය පිළිබඳ වාර්තාවේ සඳහන්වේ.

කැරිබියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය සහ ඕස්ටේ්‍රලියාවේ එංගලන්ත සංචාරයට පසුව අයි.පී.එල්. තරගාවලියට පැමිණෙන ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට කලින් පැමිණිය හැකිද යන්නත් කණ්ඩායම් හිමිකරුවෝ විමසා සිටිති.

කැරිබියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය සැප්තැම්බර් 10 වැනිදා අවසන් වන අතර එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන සීමිත ඕවර තරගාවලිය සැප්තැම්බර් 16 වැනිදා අවසන් විමට නියමිතය. මෙම තරගාවලි දෙකට සහභාගීවන ක්‍රීඩකයෝ 25 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියටද සහභාගිවීමට සූදානමින් සිටිති.

කණ්ඩායම් හිමිකරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ක්‍රීඩකයන් සිටින ආරක්‍ෂිත ජෛව ගෝලයට අයත් නොවන්නේ නම් ඔවුන්ට සංචිතය සමඟ කටයුතු කළ නොහැකි බවද සම්මත මෙහෙයුම් පටිපාටියෙන් යෝජනා කර ඇත. නමුත් කණ්ඩායම් හිමිකරුවන් සහ පවුල්වල සාමාජිකයන් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් සහායක කාර්ය මණ්ඩලය සමඟ එක්වීමට කැමති නම් ඔවුන්ද ජෛව ආරක්‍ෂිත නියමයන් අනුගමනය කළ යුතු බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයයි. එහෙත් මාස 3 ක කාළයක් ආරක්‍ෂිත ජෛව ගෝලයක කාලය ගත කිරීමට අපහසු බවත් කණ්ඩායම් හිමිකරුවන් සහ පවුල්වල සාමාජිකයන්ට වෙනත් විශේෂ නියාමනයන් තිබේද යන්නත්  කණ්ඩායම් හිමිකරුවන් විමසා ඇත.

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 10 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

 


අදහස් (0)

අයි.පී.එල්. තරගාවලියේ මෙහෙයුම් පටිපාටිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.