Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි. පී. එල්. කාන්තා තරගාවලියක් ඕනා

අයි. පී. එල්. කාන්තා තරගාවලියක් ඕනා

editorial - 2020 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) කාන්තා තරගාවලියක් අරම්භ කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවත් පසුබට විය යුතු නැතැයි ඉන්දීය කාන්තා එක්දින කණ්ඩාය‍මේ නායිකා මිතාලි රාජ් පවසන්නීය.

 
ඉන්දීය ප්‍රීමියර් ලීග් (පිරිමි) තරගාවලිය මෙන්ම මහා පරිමාණයෙන් නැතත් කුඩා පරිමාණයකින් හෝ කාන්තා තරගාවලියක් ලබන වසරේදී (2021) ආරම්භ කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තමා ඉල්ලා සිටින බවද ඇය වැඩි දුරටත් පැවසූවාය.
 
“මට පෞද්ගලිකව දැනෙන දෙයක් තමයි ලබන වසරේදිවත් ඔවුන් ඉන්දීය ප්‍රීමියර් ලීග් කාන්තා තරගාවලියක් ආරම්භ කළ යුතුයි කියන එක. පිරිමි තරගාවලියට වඩා අඩු මට්ටමකින් හෝ එය සිදුවෙනවා නම් හොඳයි කියලයි මම හිතන්නේ.” යැයි මිතාලි කියා සිටියාය.
 
මේ වසර (2020) මුලදී පැවැති විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වීමත් සමග එරට හිටපු ක්‍රිකට් නායකයකු වන සුනිල් ගවස්කාර් මහතාද කියා සිටියේ නව දක්ෂතා හඳුනා ගැනිම සඳහා ලබන වසරේදී කාන්තාවන් වෙනුවෙන්ද අයි.පී.එල්. තරගාවලියක් සංවිධානය කළ යුතු බවයි.
 
ඉකුත් වසරේ (2019) අයි.පී.එල්. තරගාවලියට සමගාමීව කාන්තාවන් සඳහාද තුන්කොන් විස්සයි20 තරගාවලියක් පැවැති අතර එහිදී වෙලෝසිටි, ට්‍රේල්බ්ලේසර්ස් සහ සුපර්නෝවාස් යන කණ්ඩායම් තුන මිතලි රාජ්ගේ, හර්මන්පීත් කෞර්ගේ සහ ස්මිත්‍රි මන්දනාගේ නායකත්වයන් යටතේ තරග වැදිණ. මෙම වසරේදී එය තවදුරටත් පුළුල් කරමින් අයි.පී.එල්. තරගාවලියට සමගාමීව කාන්තා කණ්ඩායම් 4 ක් අතර සිවුකොන් තරගාවලියක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබිණ. කෙසේ වුවත් කොරෝනා වයිරසය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය කල් දැමීමට සිදුවීමත් සමග කාන්තා තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්වයක පවතී.
 
ඉන්දියාවට ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් හිඟ වීම නිසා පිරිමි තරගාවලිය මෙන් කණ්ඩායම් 7 කින් හෝ 8 කින් සමන්විත තරගාවලියක් සංවිධානය කිරීම තරමක් අසිරු බව තමන් පිළිගන්නා නමුත්, එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩිකාවන් 5 කට හෝ 6 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදෙන්නේ නම් එම අසීරුතාවද මඟහැරවා ගත හැකි බව මිතාලි පෙන්වා දෙන්නීය.
 
“අ‍පේ දේශිය සංචිතවල ප්‍රමාණවත් තරම් ක්‍රීඩිකාවන් නැහැයි කියලා මම පිළිගන්නවා. නමුත් කණ්ඩායම් හිමිකරුවන්ට පුලුවන් නම් විදෙස් ක්‍රීඩිකාවන්ගේ සේවය නොමඳව ලබාගන්න, තරග සංවිධායකයන්ට පුළුවන් එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩිකාවන් 5 කට හෝ 6 කට ක්‍රීඩා කළ හැකි අයුරින් තරග නීති වෙනස් කරන්න.” යැයිද මිතාලි සඳහන් කළාය.

-036

 


අදහස් (0)

අයි. පී. එල්. කාන්තා තරගාවලියක් ඕනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.