Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මැයි මස 12 වැනිදා පස්වරු 8.00 සිට හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස්, සන්රයිස් හයිද්‍රාබාද්, කොල්කටා නයිට්රයිඩර්ස්, චෙන්නායි සුපර්කිංග්ස්, රාජස්ථාන් රෝයල්ස්, බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් සහ කිංග්ස් XI පන්ජාබ් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වේ.
තරගාවලියේ මූලික වටය මැයි මස 20 වැනිදා අවසන් වන අතර ඊට තරග 56 ක් ඇතුළත් වේ. ඉන් තරග 40 ක් මේ වන විට නිමාවට පත්වී ඇති අතර තවත් තරග 16 ක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
එහි පළමු අවසන් පූර්ව තරගය මැයි 7 වැනිදාද, පරාජිතයන් ඉවත් කිරීමේ තරගය 8 වැනිදා පැවැත්වේ. පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සහ පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් ජය ලබන කණ්ඩායම අතර 10 වැනිදා දෙවැනි දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.