Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුශූරතාව එන්.සී.සී -පිලට

අනුශූරතාව එන්.සී.සී -පිලට

රොෂාන් ගුණරත්න - 2020 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට එන්.සී.සී පිල අද (27 වැනිදා) සමත්විය. හලාවත මේරියන්ස් පිල සමගින් අනුශූරතාව සඳහා තියුණු සටනක් පැවැතියද කෝල්ට්ස් පිලට එරෙහිව ඉනිමක ජයක් ලැබූ එන්.සී.සී. පිලට අනුශූරතාව හිමිවිය.

ප්‍රසාද ලකුණු 95.19 ක් ලබාගත් සී.සී.සී පිල පසුගිය සතියේදීම ශූරතාව තමන් සතුකර ගැනීමට සමත්වූ අතර ප්‍රසාද ලකුණු 83.10 ක් ලබාගත් එන්.සී.සී පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය.

එන්.සී.සී. පිල සමගින් අනුශූරතාව සඳහා තියුණු සටනක නිරතවූ හලාවත මේරියන්ස් පිල සී.සී.සී පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගත්තේය. නමුත් පූර්ණ ජයග්‍රහණයක් ලබාගැනීමට තිබූ අවස්ථාව ගිලිහියාමෙන් ප්‍රසාද ලකුණු 81.85 ක් ලබාගත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙන් සෑහිමකට පත්වීමට සිදුවූහ.

සුපිරි 8 වටයේ තවත් තරග 3 ක් අද අවසන්වූ අතර එහිදි රාගම, යුදහමුදාව සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්වූහ.

යුදහමුදා පිලේ දිනේෂ් චන්දිමාල් ත්‍රිත්ව ශතකයක්ද, එන්.සී.සී පිලේ ඇන්ජලෝ පෙරේරා, හලාවත මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරිය, සී.සී.සී පිලේ කුසල් මෙන්ඩිස් සහ අෂාන් ප්‍රියංජන්, රාගම පිලේ ළහිරු තිරිමාන්න සහ උදාර ජයසුන්දර, බී.ආර්.සී පිලේ ශානුක දුලාජ් ශතක ලබාගනිමින් අද අවසන්වූ තරග වලදී පිත්තෙන් දස්කම් දැක්වූහ.

එන්.සී.සී පිලේ චතුරංග ද සිල්වා, හලාවත මේරියන්ස් පිලේ නිමේෂ් විමුක්ති, යුදහමුදා පිලේ සීකුගේ ප්‍රසන්න ඉනිමකදී කඩුලු 5 බැගින් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


එන්.සී.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 458
(ළහිරු උදාර 66, නිරෝෂන් දික්වැල්ල 57, චතුරංග ද සිල්වා 41, ඇන්ජලෝ පෙරේරා 107, සහන් ආරච්චිගේ 44, කමිල් මිශාර නොදැවී 72, දුෂ්මන්ත චමීර 28, ප්‍රභාත් ජයසූරිය 117/4, ඩිල්රුවන් පෙරේරා 119/4)
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 222
(සධීර සමරවික්‍රම 39, ඇන්ජලෝ මැතිව්ස් 52, ඩිල්රුවන් පෙරේරා 27, නිසල තාරක 22, අකිල ධනංජය 22, චතුරංග ද සිල්වා 56/5, ලසිත් ඇඹුල්දෙණිය 47/2, අෂේන් ඩැනියෙල් 59/2)
කෝල්ට්ස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 157
(සධීර සමරවික්‍රම 72, ඇන්ජලෝ මැතිව්ස් 30, චතුරංග ද සිල්වා 81/4, අෂේන් ඩැනියෙල් 47/3, දුෂ්මන්ත චමීර 12/2)


සී.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 287
(අෂාන් ප්‍රියංජන් 35, ලසිත් අබේරත්න 68, වනිඳු හසරංග 23, ළහිරු මදුශංක 45, ළහිරු සඳකැන් 35, නිමේෂ් විමුක්ති 59/5, අසිත ප්‍රනාන්දු 75/3)
හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී ලකුණු 458
(ලසිත් කෲස්පුල්ලේ 50, ඕෂධ ප්‍රනාන්දු 85, රුමේෂ් බුද්ධික 56, ශෙහාන් ජයසූරිය 108, පුලින තරංග 34, කසුන් විදුර 61, තික්‍ෂිල ද සිල්වා 20, මාලින්ද පුෂ්පකුමාර 106/4, ලක්ෂාන් සඳකැන් 112/3)
සී.සී.සී දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී ලකුණු 494
(මිනෝද් භානුක 25, කුසල් මෙන්ඩිස් 157, ලසිත් අබේරත්න 56, අෂාන් ප්‍රියංජන් 170, වනිඳු හසරංග 51, තික්‍ෂිල ද සිල්වා 44/2, ශෙහාන් ජයසූරිය 53/2, නිමේෂ් විමුක්ති 175/2)
හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී ලකුණු 52
(ලසිත් කෲස්පුල්ලේ 42, ලසිත් අබේරත්න 23/2)


යුදහමුදාව සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී ලකුණු 642
(අශාන් රන්දික 63, පැතුම් දිල්ශාන් 67, දිනේෂ් චන්දිමාල් නොදැවී 354, ලක්ෂාන් එදිරිසිංහ 45, ජනිත් සිල්වා 35 ,සාලිය සමන් 97/2, මොහොමඞ් දිල්ෂාඞ් 86/2, ප්‍රමෝද් මදුවන්ත 90/2)
සැරසන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 259
(සිතාර ගිම්හාන් 26, ගමිඳු අමරසිංහ 95, සාලිය සමන් 45, සුධීර තිලකරත්න 30, ප්‍රවීන් සඳමාල් 22, සීකුගේ ප්‍රසන්න 72/5, දුෂාන් විමුක්ති 55/3)
සැරසන්ස් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී ලකුණු 76
(සිතාර ගිම්හාන් 31, සීකුගේ ප්‍රසන්න 29/3)


බී.ආර්.සී සහ රාගම කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 491
(ළහිරු තිරිමාන්න 140, උදාර ජයසුන්දර 158, ශෂික දුල්ෂාන් 21, ඉෂාන් ජයරත්න 36, බිනුර ප්‍රනාන්දු නොදැවී 52, අමිල අපෝන්සු 38, හෂේන් රාමනායක 80/3, දුවිඳු තිලකරත්න 136/3)
බී.ආර්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 406
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 50, ලසිත් ලක්ෂාන් 32, ශානුක දුලාජ් 143, භානුක රාජපක්ෂ 50, රමින්ද විජේසූරිය 22, හෂේන් රාමනායක 56, ශෂික දුල්ෂාන් 127/4, කල්හාර සේනාරත්න 146/3, ඉෂාන් ජයරත්න 51/2)
රාගම දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී ලකුණු 23

 


අදහස් (0)

අනුශූරතාව එන්.සී.සී -පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.