Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දශකයේ සම්මාන ලයිස්තුවට ශ්‍රී ලංකාවෙන් හතර දෙනෙක්

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දශකයේ සම්මාන ලයිස්තුවට ශ්‍රී ලංකාවෙන් හතර දෙනෙක්

editorial - 2020 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ගෙවීගිය දශකයක තුළ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පිරිනමනු ලබන සම්මාන සදහා වන නිර්දේශිත නාමයෝජනා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. ඊට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ 4 දෙනෙක් ඇතුළත් වී සිටිති.

නිර්දේශිත නාමයෝජනා අතරට විශ්‍රාම ලබාගත් ක්‍රීඩකයින් මෙන්ම තවමත් දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර ක්‍රීකට් පිටියේ රැඳී සිටින ක්‍රීඩකයෝද ඇතුළත් ව සිටිති.

මෙම සම්මාන අතරින් සුවිශේෂිවූ සම්මානය වන දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත නාමයෝජනා ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඇතුළත්ව ඇත. ඔහුට අමතරව එම ලැයිස්තුවට ඉන්දියාවේ විරාට් කෝලී සහ රවිචන්ද්‍රන් අශ්වින්, එංගලන්තයේ ජෝ රූට්, නවසීලන්තයේ කේන් විලියම්සන්, දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස් සහ ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ඇතුළත් ව සිටිති.

දශකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වමත් දඟපන්දු යවන්නාවූ රංගන හේරත් ඇතුළත්ව සිට. දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා වන ලයිස්තුවට කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග නිර්දේශ වී සිටිති. දශකයේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ලසිත් මාලිංග ඇතුළත්ව ඇත.

ගෙවී යමින් පවතින දශකය පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රඳවාගත් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා වන ලයිස්තුවට මහේල ජයවර්ධන තෝරාගනු ලැබ ඇත.
මෙම නිර්දේශිත නාමයෝජනා ලැයිස්තු සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ඇතුළත් වී නැත.

මේ වසර මුලදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උලේලේදී සම්මාන අහිමි වූ වත්මන් ඉන්දීය නායක විරාට් කෝලි, දශකයේ සියලුම ප්‍රධාන අංශ වල නාමයෝජනා ලැයිස්තු සඳහා ඔහුගේ නම යෝජනාවී ඇත. වත්මන් පරම්පරාවේ හොඳම පිතිකරුවා ලෙස සැලකෙන කෝලි නාමයෝජනා පහක් සඳහා නිර්දේශවී ඇති අතර 32 හැවිරිදි ඔහු දශකයේ අයි.සී.සී ක්‍රීඩකයා මෙන්ම ටෙස්ට්, එක්දින, විස්සයි20 සහ දශකයේ ජීවගුණය රඳවාගත් ක්‍රිඩකයා යන සම්මාන කාණ්ඩ වලටද අයත් වේ.


දශකයේ අයි.සී.සී. සම්මාන හිමිකර ගන්නා කාණ්ඩ

දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නාමයෝජනා
විරාට් කෝලි (ඉන්දියාව), ජෝ රූට් (එංගලන්තය), කේන් විලියම්සන් (නවසීලන්තය), ඒ.බී.ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව), ස්ටීවන් ස්මිත් (ඕස්ට්‍රේලියාව), රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)

දශකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නාමයෝජනා
විරාට් කෝලි (ඉන්දියාව), ජෝ රූට් (එංගලන්තය), ස්ටීවන් ස්මිත් (ඕස්ට්‍රේලියාව), ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය), කේන් විලියම්සන් (නවසීලන්තය), රංගන හේරත් (ශ්‍රී ලංකාව), යසීර් ෂා (පාකිස්තානය)

දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නාමයෝජනා
විරාට් කෝලි (ඉන්දියාව), ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව), මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව), ඒ.බී.ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව), රෝහිත් ෂර්මා (ඉන්දියාව), මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)

දශකයේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නාමයෝජනා
රෂීඞ් ඛාන් (ඇෆ්ඝනිස්තානය), විරාට් කෝලි (ඉන්දියාව), රෝහිට් ෂර්මා (ඉන්දියාව), ඉම්රාන් තහීර් (දකුණු අප්‍රිකාව), ඒරන් ෆින්ච් (ඕස්ට්‍රේලියාව), ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව), ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්)

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැකගත් දශකයේ ක්‍රීඩකයා සඳහා නාම යෝජනා
විරාට් කෝලි (ඉන්දියාව), කේන් විලියම්සන් (නවසීලන්තය), ඈන්යා ශ්‍රොබ්සෝලේ (එංගලන්තය), මිස්බා උල් හක් (පාකිස්තානය), බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය), කැතරින් බෘන්ට් (එංගලන්තය), මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව), ඩැනියෙල් විටෝරී (නවසීලන්තය), මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව)

පූර්ණ සාමාජිකත්වය නොලැබූ රටවල දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නාම යෝජනා
කයිල් කූට්සර් (ස්කොට්ලන්තය), කැලම් මැක්ලියොඞ් (ස්කොට්ලන්තය), පරාස් ඛාඞ්කා (නේපාලය), රිචී බෙරින්ටන් (ස්කොට්ලන්තය), අසාද් වාලා (පැපුවා නිව්ගිනියාව), පීටර් බෝරන් (නෙදර්ලන්තය)

දශකයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා නාමයෝජනා
එලීසා පේරී (ඕස්ට්‍රේලියාව), මෙග් ලැනිංග් (ඕස්ට්‍රේලියාව), සුසී බේට්ස් (නවසීලන්තය), ස්ටෙෆ්නී ටේලර් (බටහිර ඉන්දීය කොදෙව්), මිතිලා රාජ් (ඉන්දියාව), සාරා ටේලර් (එංගලන්තය)

දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා නාමයෝජනා
එලීසා පේරී (ඕස්ට්‍රේලියාව), මෙග් ලැනිංග් (ඕස්ට්‍රේලියාව), සුසී බේට්ස් (නවසීලන්තය), ස්ටෙෆ්නී ටේලර් (බටහිර ඉන්දීය කොදෙව්), මිතිලා රාජ් (ඉන්දියාව), ජුලාන් ගෝස්වාමී (ඉන්දියාව)

දශකයේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා නාමයෝජනා
එලීසා පේරී  (ඕස්ට්‍රේලියාව), මෙග් ලැනිංග්  (ඕස්ට්‍රේලියාව), සොෆී ඩෙවින් (නවසීලන්තය), ඩියේන්ඩ්‍රා ඩොටින් (බටහිර ඉන්දීය කොදෙව්), ඇලීසා හීලි  (ඕස්ට්‍රේලියාව), ඈන්යා ශ්‍රොබ්සෝලේ (එංගලන්තය)

පූර්ණ සාමාජිකත්වය නොලැබූ රටවල දශකයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා නාම යෝජනා
නට්ටකන් චන්ටම් (තායිලන්තය), සොර්නොරින් ටිපොච් (තායිලන්තය), චනිදා සුට්තිරුයෑන්ග් (තායිලන්තය), කැත්රින් බෘස් (ස්කොට්ලන්තය), සාරා බෘස් (ස්කොට්ලන්තය), ස්ටෙරී කලිස් (නෙදර්ලන්තය)


- 2079

 


අදහස් (0)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දශකයේ සම්මාන ලයිස්තුවට ශ්‍රී ලංකාවෙන් හතර දෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.