Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ රහස්‍යභාවය ප්‍රශ්නයක් වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ රහස්‍යභාවය ප්‍රශ්නයක් වෙයි

editorial - 2020 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරිගමන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය 27 වැනිදා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමක් කැඳවා තිබිණ. එහෙත් එහි ප්‍රධාන මාතෘකාව වූයේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය නොව රැස්වීමේ රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්නයයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කිරීමත් සමඟ එම සාකච්ඡාව අවසන් විය.

ගෝලීය විශේෂඥයින්ගේ සහාය ඇතිව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙහි ආචාර ධර්ම නිලධාරියා විසින් මෙම ස්වාධීන පරීක්‍ෂණය මෙහෙයවනු ලබන බවත් නිවේදනය කෙරිණ. විමර්ශනය පිළිබඳ වෙනත් විස්තර සපයනු නොලැබිණ.

“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයන් ගණනාවක්ම මෑතකදී මෙම ගැටළුව සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කර තිබුණා...  අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කටයුතු සම්බන්ධයෙන් පවතින රහස්‍යභාවය ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව සහතික කිරීම සඳහා මොකක් හෝ දෙයක් කළ යුතු යයි හැඟුණා” යැයි මෙම සාකච්ඡාවට නායකත්වය දුන් ශෂාන්ක් මනෝහර් මහතා පැවසීය.

න්‍යාය පත්‍රයේ ඇති සියලුම දේ සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ සභාපතිවරයා පිළිබඳ සාකච්ඡාව ඇතුළුව කරුණු ගණනාවක් ජුනි 10 වනදා පැවැත්වෙන මීළඟ රැස්වීමට කල් තබන ලදී.

මේ වසර අගදී ඕස්ටේ්‍රලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය කල්දැමීම හෝ නොදැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුලදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව අදහස් කර තිබිණ. මෙම තරගාවලිය කල් දැමීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පැවැති අතර මුදල් හා වාණිජ කටයුතු කමිටුව විසින් කෙසේ හෝ එය පැවැත්වීමේ විකල්ප අවස්ථා කිහිපයක් සකස් කර තිබිණ. මූල්‍ය මණ්ඩල මණ්ඩල ප්‍රධානීන් විසින් සාකච්ඡා කරනු ලැබීමට නියමිතය.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට සිදුවුවහොත්, එය කුඩා සාමාජිකයින්ට ඇති කළ හැකි මූල්‍යමය බලපෑම පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ධුරය සඳහා ඡන්දයකින් පත්විය හැකි ක්‍රමයක් සකස් කිරීමත් මෙවර න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබිණ. එහි වත්මන් සභාපති ශෂාන්ක් මනෝහර් මහතා තෙවැනි වරටත් තරග කිරීමට නොයන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය බදාදා නිවේදනය කළේය. එම නිවේදනයේදීම  දී අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියා සිටියේ මේ වසරේදී පැවත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලානය තරගාවලිය කල්දැමීම පිළිබඳ වාර්තා සාවද්‍ය බවයි.

 


අදහස් (0)

අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ රහස්‍යභාවය ප්‍රශ්නයක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.