Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අකිලට වසරක ක්‍රිකට් තහනමක්

අකිලට වසරක ක්‍රිකට් තහනමක්

යොහාන් භාසුර - 2019 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි පවසමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඔහුට වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් පනවා තිබේ. අකිලට මෙම තහනමත් සමඟ ලබන වසරේ (2020) අගෝස්තු මස 29 වැනිදා දක්වා තහනම බල පැවැත්වේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පසුගිය මස  පැවැති ටෙස්ට් තරගයේදී අකිලගේ පන්දු යැවීම නීති විරෝධී යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට දැනුම් දුන්නේය.

ඉන් පසුව අකිල ඉන්දියාවේ චෙන්නායි නුවර පරීක්‍ෂණාගාරයකදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්‍ෂණයකට සහභාගි වූ අතර එහි ප්‍රතිඵල අනුව අකිලගේ පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බව සනාථ වී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (19) පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.

ගාල්ලේදීම පසුගිය වසරේ නොවැම්බර් මස එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී අකිලට පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි පළමු වරට චෝදනා එල්ල වීමෙන් පසුව එය සකස්කරගැනීමෙන් පසුව ඔහු මෙම වසර මුල නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පැමිණියේය.

තවමත් 25 වැනි වියේ පසු වන අකිල මේ වන විට ටෙස්ට් තරග හයකදී කඩුලු 33 ක්, එක්දින ජාත්‍යන්තර තරග 36 කදී කඩුලු 51 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 22 කදී කඩුලු 22 ක් දවාගැනීමට සමත්ව සිටියි.   

 


අදහස් (0)

අකිලට වසරක ක්‍රිකට් තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.