Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2020 එල්.පී.එල්. තරගාවලියට ශ්‍රී ලාංකික සුවිශේෂි ක්‍රීඩකයන් 5 ක්

2020 එල්.පී.එල්. තරගාවලියට ශ්‍රී ලාංකික සුවිශේෂි ක්‍රීඩකයන් 5 ක්

රොෂාන් ගුණරත්න - 2020 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වීමට නියමිත ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලියට තරග වදින කණ්ඩායම් 5 සඳහා ශ්‍රී ලාංකික සුවිශේෂි ක්‍රීඩකයන් 5 දෙනෙකු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ සඳහා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, සහ දසුන් ශානකද ප්‍රවේගකාරී පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරාද තෝරාගෙන තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩකයන් තෝරාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට නිල වශයෙන් තවමත් දන්වා නොමැත. 

ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික කටයුතු මේ වනවිටත් සැකසෙමින් පවතින අතර තරගාවලිය නොවැම්බර් 14 වැනි ආරම්භවීමට නියමිතය. එය අවසන් වීමට ඇත්තේ දෙසැම්බර් 6 වැනිදාය. 

ශ්‍රී ලංකාවේ නගර 5 ක් මූලික කරගනිමින් කොළඹ, ගාල්ල, යාපනය, දඹුල්ල සහ මහනුවර ලෙස කණ්ඩායම් නම්කර තිබේ. එක් කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව හිමිවේ. තරග 23 කින් සමන්විත තරගාවලිය දිවා/රාත්‍රී තරග පැවැත්විය හැකි සූරියවැව මහින්ද රාජපක්ෂ, රංගිරි දඹුල්ල සහ පල්ලේකැලේ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ වනවිටත් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට තරග කරන ක්වේටා ග්ලැඩියේටර්ස්හි හිමිකරුවන් විසින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් වන ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම මිලදී ගෙන තිබේ. ඒ සඳහා හිටපු පාකිස්තාන නායකයන් වන ශහිඞ් අෆ්රිඩි සහ සර්ෆරාස් අහ්මඞ් ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇත.

තුන් ඉරියව් ක්‍රීඩක ෂහීඞ් අෆ්රිඞ් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සුවිශේෂි ක්‍රීඩකයා ලෙස කණ්ඩායම් හිමිකරුවන් විසින් තෝරාගනු ලැබ ඇත.

ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති නමුත් මේ වනතෙක් කොළඹ, යාපනය, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම්හී හිමිකරුවන් කවුරුන්ද යන වග මේ වනතෙක් හෙළිකර නැත.

ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 150 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. විදේශීය ක්‍රීඩකයින් 6 දෙනා සමගින් ක්‍රීඩකයින් 19 දෙනෙකු එක් කණ්ඩායමකට තෝරා ගනු ඇත.

ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන විදේශීය ක්‍රීඩකයින්ගේ නාම ලේඛණයට ක්‍රිස් ගේල්, ඩැරන් සැමී, ඞ්වේන් බ්‍රවෝ, ෂහීඞ් අෆ්රිඩි, සකීබ් අල් හසන්, රවී බොපාරා, කොලින් මුන්රෝ, මුනාෆ් පතෙල්, සර්ෆරාස් අහ්මඩ්, වර්නන් ෆිලැන්ඩර් ඇතුළු ලෝකයේ පිළිගත් ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.

 


අදහස් (0)

2020 එල්.පී.එල්. තරගාවලියට ශ්‍රී ලාංකික සුවිශේෂි ක්‍රීඩකයන් 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.