Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2019 දී කනිෂ්ඨ ක්‍රිකට් තරගාවලිවලට තවත් කෝටි 23 ක්

2019 දී කනිෂ්ඨ ක්‍රිකට් තරගාවලිවලට තවත් කෝටි 23 ක්

යොහාන් භාසුර - 2020 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී  කනිෂ්ඨ (පාසල් ක්‍රීඩකයන්ගේ) ක්‍රිකට් තරගාවලි සඳහා රුපියල් කෝටි 23 කට (රුපියල් 226,950,000) ආසන්න මුදල් වැයකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ වසර 2018 සහ 2019 වසර වලදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ අනිකුත් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 23 ක් වියදම් වී ඇති බවයි.  

ඒ අනුව පසුගිය වසර දෙකක කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 46 ඉක්මවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් ලෝක කුසලාන තරගාවලිය ඇතු`ඵ තරග සංචාර හයකට, වයස 19 න් පහළ සහ වයස 15 න් පහළ අන්තර් දිස්ත්‍රික් සහ පළාත් තරගාවලි, පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන වයස 19 න් පහළ තරගාවලියට සහ කනිෂ්ඨ අන්තර්ජාතික තරගාවලිවලට පන්දු සැපයීම සහ එම තරගාවලියේ ලකුණු සටහන්කරුවන්ගේ ගෙවීම්, පාසල් ක්‍රිකට් සංගමයේ පරිපාලන දීමනා, පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණ ගාස්තු සහ බාලිකා මහා ක්‍රිකට් තරග සඳහා මෙම මුදල් වියදම් කර තිබේ.

මෙම වියදම අතුරින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළතම වියදම ලෙස සටහන් වන්නේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා රුපියල් කෝටි 4.5 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 450 ක මුදලක් වැය කිරීම බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.    

 

 


අදහස් (0)

2019 දී කනිෂ්ඨ ක්‍රිකට් තරගාවලිවලට තවත් කෝටි 23 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.