Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 19 න් පහළ කළමණාකරු මහරුෆ්

19 න් පහළ කළමණාකරු මහරුෆ්

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිලේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ෆර්විස් මහරුෆ් ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කර තිබේ. මහරුෆ් මේ වන විට ක්‍රිකට් තරග විස්තර විචාරකයකු ලෙස ද කටයුතු කරයි. 

ශ්‍රී ලංකා පිලේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයකුව සිටි මහරුෆ් ටෙස්ට් තරග 25 කදී, එක්දින තරග 109 කදී සහ විස්සයි20 තරග 8 කදී ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ. දකුණතින් වේග පන්දු යවන මහරුෆ් එක්දින කඩුලු 135 ක් දවාගෙන තිබේ. 

මහරුෆ් මේ දක්වා නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන නොමැත. 34 හැවිරිදි මහරුෆ් 2016 වසරේ ජූනි මාසයෙන් පසුව ජාතික සංචිතයකට ඇතුළත්ව නැත. 
 

- 048


අදහස් (0)

19 න් පහළ කළමණාකරු මහරුෆ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.