Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 19 න් පහළ පළාත් කණ්ඩායම් නම් කරයි

19 න් පහළ පළාත් කණ්ඩායම් නම් කරයි

editorial - 2019 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පළාත් කණ්ඩායම් 4 ක සහභාගිත්වයෙන් මේ මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් සමන්විත කණ්ඩායම් හතර මේ වන විට නම් කර තිබේ.

රංගිරි දඹුල්ල සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන මෙම තරගාවලියේදී කොළඹ කණ්ඩායම කමිල් මිෂාර විසින්ද, ගාල්ල කණ්ඩායම අභිෂේක් කහදූවආරච්චිගේ විසින්ද, මහනුවර කණ්ඩායම රුවින් පීරිස් විසින්ද සහ දඹුල්ල කණ්ඩායම නිපුන් ධනංජය විසින්ද මෙහෙයවනු ලබති.

එම සෑම පළාත් කණ්ඩායමකටම ක්‍රීඩකයන් 5 දෙනකු බැගින් අතිරේක ක්‍රීඩකයින් 20 දෙනකුද නම් කර ඇත.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමගින් තරග 3 කට බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර එහිදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වේ.

තරගාවලියේ ශූරයන්ට සහ අනු ශූරයන්ට කුසලාන සමගින් මුදල් ත්‍යාග පිරිනැමෙන අතර තරගාවලියේ වීරයා, දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා සඳහාද කුසලාන සමගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.  


කොළඹ කණ්ඩායම
කමිල් මිෂාර (නායක), මොහොමඞ් සමාස්, සොනාල් දිනූෂ, අහන් වික්‍රමසිංහ, ජොහාන් ද සිල්වා, චමිඳු විජේසිංහ, වයි.ඒ.ඩී. සඳරුවන්, අවිශ්ක ලක්ෂාන්, ඩිල්මින් රත්නායක, ප්‍රවීන් සිල්වා, ළහිරු මධුෂංඛ, කවිඳු පතිරත්න, ෂෙවොන් ඩැනියල්, කවීෂ දුලංජන සහ තෂික නිර්මාල්

අතිරේක
දිනෙත් සමරවීර, ක්‍රිෂාන් මුණසිංහ, සුකිත ප්‍රසන්න, ෂෙහාන් ප්‍රනාන්දු සහ පවන්ත වීරසිංහ

ගාල්ල කණ්ඩායම
අභිෂේක් කහදූවආරච්චි (නායක), නවෝද් පරණවිතාන, පවන් රත්නායක, චේතක දෙනුවන්, මුදිත් ලක්ෂාන්, අෂේන් දිල්හාර, සඳුන් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, අම්ෂි ද සිල්වා, ජිතේෂ් වාසල, කවිඳු ඩිල්හාර, තෙවින් අමරසිංහ, සමිත් ඉසුරු සහ චිහාන් කලිඳු    

අතිරේක
හසිත රාජපක්ෂ, භාග්‍ය එදිරිවීර, කේෂර නුවන්ත, ජීවක ශෂීන් සහ ලෙෂාන් කෙනුල

මහනුවර කණ්ඩායම
රුවින් පීරිස් (නායක), ඩබ්.ඒ.සී.කේ. වික්‍රමසිංහ, අවිශ්ක පෙරේරා, උමයංග සුවාරිස්, රවිඳු රත්නායක, චමෝද් සඳරු, අවිශ්ක තරිඳු, කවිඳු නදීශාන්, රොහාන් සංජය, සුභානු රාජපක්ෂ, මතීෂ පතිරණ, සසිත් හිරුණික, අභිෂේක් ආනන්දකුමාර්, ලෝහන අරෝෂ සහ දුනිත් ජයතුංග

අතිරේක
කවිශ්ක දිල්හාර, රනුධ සෝමරත්න, කල්පන ආදිත්‍ය, එස්.සකිර්දන් සහ පසිඳු දිල්හාර    

දඹුල්ල කණ්ඩායම
නිපුන් ධනංජය (නායක), රවිඳු රසාන්ත, මුදිත ප්‍රේමදාස, දුනිත් ජයකොඩි, ලේශාන් අමරසිංහ, ලක්ෂාන් ගමගේ, දිලුම් සුධීර, අශේන් ඩැනියෙල්, එස්. වියස්කාන්ත්, නවීන් ප්‍රනාන්දු, යසිරු රුද්‍රිගෝ, ටී. දිනූෂාන්, සුපුන් සුමනරත්න, නිම්නක ජයතිලක සහ සුධීර වීරරත්න

අතිරේක
අයි. ලයිලාරසන්, අශ්මික ප්‍රමොදිත්, ඩිලාන් ඉෂාර, පසිඳු චාමික සහ හසින්ත කෞෂාන්

 

-036

 


අදහස් (1)

19 න් පහළ පළාත් කණ්ඩායම් නම් කරයි
  • Chris Sunday, 14 July 2019 03:48 AM

    ලංකාවේ පලාත් 9ක් තියෙනවා, මේ නගර 4ක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.