Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන ‘සිංගර්’ කුසලාන වයස 15 න් සහ 17 න් පහළ ක්‍රිකට් තරගාවලි ආරම්භ කිරීම දින 10 කින් පමණ කල්දැමීමට තීරණය කළ බව පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මෙම තරගාවලි දෙක සඳහා පාසල් කණ්ඩායම් ලියාපදිංචි කිරීම ලබන මැයි මස 3 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූණ ද ලියාපදිංචි කිරීම දින නියමක් නොමැතිව කල්දමා තිබේ.
තරගාවලි දෙකේම සෑම පාසලක්ම සහභාගි වන පළමු තරගය මැයි මස 20 වැනිදාට පෙර පැවැත්වීමට නියමිතව තිබුණ ද මේ දක්වා එම තරගය පැවැත්වෙන දිනයක් නොමැත.
“තරගාවලි ආරම්භ කරන දිනයක් තමව තීරණය කර නෑ. අපි මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමඟ කථා කරන්න ඕනේ” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.