Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලංසු තැබීම අහෝසි කරයි

ලංසු තැබීම අහෝසි කරයි

editorial - 2021 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් ඉදිරියේදී සංවිධානය කරනු ලබන තරගාවලියන්හී සත්කාරකත්වය ලබාදීම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් තෝරා ගැනීමට යයි. ඒ අනුව විවෘත ලංසු තැබීමේ ක්‍රමවේදය අහෝසිවී යනු ඇත. 

2023 සිට 2031 දක්වා කාළය තුල අයි.සී.සී තරගාවලි සඳහා සත්කාරකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියක් අනුමත කර ඇති බවත් එය මේ මාසයේ සිට ආරම්භ කරන බවත් අඟහරුවාදා (1 වැනිදා) පැවති අධ්‍යක්‍ෂක මණ්ඩල රැස්වීමකින් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය. 

එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අනාවරණය නොකළ නමුත්, සියලු සාමාජික රටවලින් ලංසු කැඳවීමෙන් වැළකී සිටීමට ගත් තීරණයත් සමගින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය ඇතුළු ඊට විරුද්ධ වූ ක්‍රිකට් ආයතන ගණනාවක් සතුටු වනු ඇත. 

මීළඟ ක්‍රිකට් චක්‍රයේ සියලුම පිරිමි, කාන්තා සහ වසය 19 න් පහළ තරගාවලි සඳහා ලංසු තැබීමක් නොවනු ඇත. නැවත පැමිණි චැම්පියන්ස් කුසලානය, ඕවර 50 ලෝක කුසලානය සහ විස්සයි20 ලෝක කුසලානය ඇතුළත් ක්‍රිකට් චක්‍රයේ පිරිමි ඉසව් සඳහා සත්කාරක රටවල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මේ මාසයේ ආරම්භ වීමට නියමිතව ඇත. සියළු ඉසව්වන්හී සත්කාරකත්වය සැප්තැම්බර් මාසය වන විට වෙන් කර අවසන් කරනු ඇත.

කාන්තා හා වයස අවුරුදු 19 න් පහළ ඉසව් සඳහා සත්කාරකත්ය තෝරා ගැනීමේ ක්‍රියාවලිය නොවැම්බර් මාසයේ දී ආරම්භ වන අතර, පළමු වරට සත්කාරකත්වය දරණ රටවල් ඇතුළුව පුළුල් පරාසයකින් සාමාජික රටවල් සමඟ සම්බන්ධ වීමට මෙය අවස්ථාවක් වනු ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව පැවසීය.

අයි.සී.සී තරගාවලි සඳහා ලංසු තැබීම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය 2019 ඔක්තෝම්බර් මාසයේ පැවති අධ්‍යක්‍ෂක රැස්වීමක වඩාත් විවාදයට තුඩුදුන් මාතෘකාවක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංසු තැබීම අහෝසී කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂක මණ්ඩලය පසුගිය අඟහරුවාදා තීරණය කළේය. 

මේ සමගින් පූර්ණ, සම හෝ අනුබද්ධිත ඕනෑම සාමාජික රටකට අන්තර්ජාතික තරගාවලි සඳහා සත්කාරකත්වය දැක්වීමේ හැකියාව විවෘත වනු ඇත. එහෙත් මෑත අතීතයේදී ප්‍රධානපෙළේ ගෝලීය ක්‍රිකට් තරගාවලි (පිරිමි) සියල්ලම පාහේ ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව සහ එංගලන්තය අතර බෙදී ගොස් තිබිණ. 

2015 එක්දින ලෝක කුසලාන තරගාවලිය (ඕස්ටේ්‍රලියාව/නවසීලන්තය), 2016 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය (ඉන්දියාව), 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලිය (එංගලන්තය), 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය (එංගලන්තය), 2021 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය (ඉන්දියාව) සහ 2022 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය (ඕස්ටේ්‍රලියාව) සහ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය (ඉන්දියාව) මෙම රටවල් අතරේ බෙදී ගිය ප්‍රධාන පෙළේ අයි.සී.සී. තරගාවලිය. 

2023 සිට 2031 දක්වා පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලි
එක්දින (පිරිමි) ලෝක කුසලාන තරගාවලිය - 2027, 2031 (කණ්ඩායම් 14, තරග 54)
එක්දින (කාන්තා) ලෝක කුසලාන තරගාවලිය - 2025 (කණ්ඩායම් 8, තරග 31), 2029 (කණ්ඩායම් 10, තරග 48)
විස්සයි20 ලෝක කුසලාන (පිරිමි) තරගාවලිය - 2026, 2030 (කණ්ඩායම් 20, තරග 55)
විස්සයි20 ලෝක කුසලාන (කාන්තා) තරගාවලිය - 2026, 2030 (කණ්ඩායම් 10, තරග 23)
ශූරයන්ගේ කුසලාන (පිරිමි) තරගාවලිය - 2025, 2029 (කණ්ඩායම් 6, තරග 16)
ශූරයන්ගේ කුසලාන (කාන්තා) තරගාවලිය - 2023, 2027 (කණ්ඩායම් 6, තරග 16)
විස්සයි20 ශූරයන්ගේ කුසලාන (පිරිමි) තරගාවලිය - 2024, 2028 (කණ්ඩායම් 10, තරග 48)
විස්සයි20 ශූරයන්ගේ කුසලාන (කාන්තා) තරගාවලිය - 2024, 2028 (කණ්ඩායම් 6, තරග 16)
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය - 2025, 2027, 2029, 2031 (කණ්ඩායම් 2, තරග 1)
19 න් පහළ (යොවුන්) ලෝක කුසලාන (පිරිමි) තරගාවලිය - 2024, 2026, 2028, 2030
19 න් පහළ (යොවුන්) ලෝක කුසලානය (කාන්තා) තරගාවලිය - 2023, 2025, 2027, 2029


අදහස් (0)

ලංසු තැබීම අහෝසි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.