Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෆෝක්ස් - ජෙනිංග්ස් යළි කැඳවති

ෆෝක්ස් - ජෙනිංග්ස් යළි කැඳවති

editorial - 2020 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා බෙන් ෆෝක්ස් සහ කීටන් ජෙනිංග්ස් කැඳවීමට එංගලන්ත තේරිම් කමිටුව පියවර ගෙන ඇත. මෙම ක්‍රීඩකයන් දෙදෙනා එංගලන්ත ටෙස්ට් සංචිතයට එක්වූයේ මාස 12 කට පසුවය. 

මීට මාස 12 කට පෙර බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව ලැන්කෂයර් පිලේ ආරම්භක පිතිකරු කීටන් ජෙනිංග්ස් සහ සරේ පිලේ කඩුලු රකින පිතිකරු බෙන් ෆෝක්ස් ඉවත්කර දැමූහ. නමුත් ටෙස්ට් තරග 17 ක් තුලදී ජෙනිංග්ස් ලබාගත් ශතක දෙකම ආසියානු කළාපයේදී වාර්තා වී ඇති අතර 2018 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ටෙස්ට් තරගාවලි ජයක් ලබාගත් අවස්ථාවේදී තරගාවලියේදී බෙන් ෆෝක්ස් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය. එම තරග සංචාරයේ ගාල්ලේදී මංගල තරගයට ක්‍රීඩා කළ ෆෝක්ස් ශතකයක්  ලබාගැනීමට සමත්විය.

පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී ඉළ ඇටයේ ආබාධයකට ලක්වූ ජේම්ස් ඇන්ඩර්සන් ආබාධයෙන් සුවය ලබමින් සිටින්නේය. එබැවින් ඇන්ඩසන් ශ්‍රී ලංකා සංචාරයට එක් නොවේ. 

පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ටෙස්ට් පිටියේ කෙතරම් අසාර්ථක වුවද ජොස් බට්ලර් යනු එංගලන්තයේ වඩාත්ම දක්ෂතා ඇති ක්‍රීඩකයෙකු වන බැවින් ඔහුට තේරීම් කමිටුව විසින් තවත් අවස්ථාවක් ලබා දී ඇත. කෙසේ වෙතත්, ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ ස්ථානයක් ලබා ගැනීම සඳහා බට්ලර්ට, ෆෝක්ස් සමඟ තරඟ කිරීමට සිදුවනු ඇත.

මොයින් අලි අවසන් වරට ශ්‍රී ලංකා සංචාරයේදී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර සම තැන ගත් නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දින නියමයක් නොමැතිව විවේක ගැනීමට ඔහු ගත් තීරණයෙන් පසුව ජැක් ලීච්, ඩොම් බෙස් සහ මැතිව් පාකින්සන් දඟ පන්දු යවන්නන් අතර පෙරමුණ ගනු ඇති බවයි. යෝක්ෂයර් පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ දකුණු අප්‍රිකානු සංචාරයේ පසුව විවේක ගැන්වීමට තේරිම් කමිටුව පියවර ගෙන තිබේ.

“එම සංචිතය බොහෝ දුරට රඳවාගෙන ඇති අතර, තුවාල, විවේකය සහ උප මහාද්වීපයේ ක්‍රීඩා කිරීමේ අභියෝගයන්ට අදාළව සංචිතයට යම් යම් වෙනස්කම් සිදු කර තිබෙන බවත්, “සමර්සෙට් දඟ පන්දු යවන ජැක් ලීච් දකුණු අප්‍රිකාවේදී ඇති වූ අසනීපයෙන් සුවය ලබා ඇති අතර ඔහු දැන් සෞඛ්‍ය සම්පන්නව ඉදිරි ටෙස්ට් දිවිය නැවත ආරම්භ කිරීමට උනන්දු පසුවන බවත් එංගලන්ත තේරීම් කමිටුවේ කැඳවුම්කරු එඞ් ස්මිත් මහතා පැවසීය. .

”ජොනී බෙයාර්ස්ටෝ සැලකිය යුතු විවේකයක් නොමැතිව ආකෘති තුනේදීම එංගලන්ත සංචිතවල සිට ඇති බැවින් මෙම තරග 2 කින් සමන්විත ටෙස්ට් සංචාරයට එක් නොවීම මගින් ජොනීට විවේක ගැනීමට හොඳ අවස්ථාවක් වනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත සංචිතය:
ජෝ රූට් (නායක), ඩොමිනික් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජොස් බට්ලර්, සැක් ක්‍රෝලි, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, බෙන් ෆෝක්ස්, කීටන් ජෙනිංග්ස්, ජැක් ලීච්, මැතිව් පාකින්සන්, ඔලී පෝප්, ඩොමිනික් සිබ්ලි, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඞ්


අදහස් (0)

ෆෝක්ස් - ජෙනිංග්ස් යළි කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.