Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හදවත් සැත්කමෙන් පසුව කපිල්ගේ තත්ත්වය සුව අතට

හදවත් සැත්කමෙන් පසුව කපිල්ගේ තත්ත්වය සුව අතට

editorial - 2020 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවදිල්ලියේ රෝහලකදී පසුගිය සිකුරාදා (23 වැනිදා) අලුයම කරන ලද හදිසි හෘද සැත්කමෙන් පසුව තමා කෙමෙන් කෙමෙන් සුවය ලබමින් සිටින බව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයකු වන කපිල් දේව් මහතා පැවසීය. 1983 දී ඉන්දියානුවන්ගේ පළමු ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා නායකත්වය දුන් 61 හැවිරිදි ඔහුට, පපුවේ වේදනාවක් ඇතිවීමෙන් පසු ඔහු නවදිල්ලියේ රෝහලකට ඇතුළත් විය.

“කපිල් දේව්ට හෘදයාබාධයක් ඇතිවුනා. ඔහු පරීක්‍ෂාවට ලක් කරන ලද අතර මධ්‍යම රාත්‍රියේදීම හදිසි ශල්‍යකර්මයක් කළා” යනුවෙන් රෝහල විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

"කපිල් දේව් මහතා අද දහවල් රෝහලෙන් පිටව ගියා"

"ඔහු හොඳින් ඉන්නවා... ඉක්මනින්ම ඔහුගේ දෛනික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කළ හැකියි.... ඔහු වෛද්‍ය අතුල් මාතූර් මහතා සමඟ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවෙනවා"  යයි රෝහල නිවේදනය කළේය. 

ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් හි කෙටි ප්‍රකාශයක් කරමින් මෙම අවස්ථාවේදී තමන් වෙත සහයෝගය දැක්වීම ගැන කපිල් දේව් මහතා රසිකයින්ට ස්තූති කළද සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු එහි සටහන් කර නොතිබුණි.

“සියලුදෙනාගේ ආදරය හා සැලකිල්ල වෙනුවෙන් ඔබ සැමට ස්තූතියි. මගේ කාමරයත් දුරකතනයත් සුබ පැතුම්වලින් පිරී ඉතිරී යනවා. මම දැන් කෙමෙන් කෙමෙන් සුවය ලබමින් සිටිනවා” යනුවෙන් ඔහු ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර්හි සටහන් කර ඇත.

ක්‍රිකට් පිටියේ සිටි විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන කපිල් දේව් ටෙස්ට් හා එක්දින තරග වලදී කඩුලු 687 ක් ලබා ගත් අතර වසර 16 ක ජාත්‍යන්තර වෘත්තීය දිවිය තුළ ලකුණු 9,000 කට ආසන්න ප්‍රමාණයක් රැස් කර තිබේ.

1994 දී විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ජාතික කණ්ඩායම් පුහුණුකරවෙකු හා තේරීම් කමිටු සාමාජිකයක බවටද ඔහු පත්විය. විස්ඩන් සඟරාව විසින් 2002 වසරේදී ”ශතවර්ෂයේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයා” ලෙස කපිල් දේව්ව නම් කරන ලදි.


- 2079


අදහස් (0)

හදවත් සැත්කමෙන් පසුව කපිල්ගේ තත්ත්වය සුව අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.