Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැළකිල්ල ගැන මැසිවිල්ලක්

සැළකිල්ල ගැන මැසිවිල්ලක්

editorial - 2019 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

යොහාන් භාසුර, ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ සිට...

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දක්වා සැපයූ තණතීරුවල ප්‍රමිතිය සහ වෙනත් පහසුකම් සෙසු කණ්ඩායම් සමඟ සැසදීමේදී අඩු මට්ටමක පැවතීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල් මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිඛිත පැමිණිළි කිරීමට සූදානම් වෙයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ද වන අසන්ත මහතා ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවසුවේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් සමඟ තමන් සාකච්ඡා කළ බවත් ඒ පිළිබඳව ලිඛිත පැමිණිල්ල ඊයේ රාත්‍රී යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

“මම අයි.සී.සී. එකත් එක්ක සාකච්ඡා කළා. ඔවුන් කියනවා ඒවා හිතලා කරපු දේවල් නොවයි කියලා. කෙසේ වෙතත් මම අද පැමිණිල්ල ලිඛිතව යොමු කරනවා”

“අපේ තරගවලට කාඩිෆ්හිදී ලබා දුන් තණතීරු සහ සෙසු තරගවලට ලබාදුන් තණතීරු අතර ලොකු වෙනසක් තියෙනවා. අපිට තණකොළ තියෙන තණතීරු දෙනවා. දැන් බලන්න බංග්ලාදේශය ලකුණු 330 ක් ගැහුවා, පාකිස්තානය 348 ක් ගැහුවා. ඒ තණතීරු සහ කාඩිෆ් තණතීරු අතර ලොකු වෙනසක් තියෙනවා”

“දැන් බලන්න හෙට තරගයට දීලා තියෙන තණතීරුවත් ඒ වගේ. කොළ පාටයි”
“අනෙක් පහසුකම්වලත් ලොකු වෙනසක් තිබුණා. අපේ කණ්ඩායමේ 32 ක් ඉන්නවා. නමුත් 35 කට යන්න පුළුවන් පොඩි බස් එකක් දීලා. වෙනත් රවල්වලට විශාල බස් දීලා තිබුණා”

“හෝටල් පහසුකම්වල තත්ත්වෙත් එහෙමයි. අපි බි්‍රස්ටල්වල දවස් හයක් විතර හිටියා. අපිට දීලා තිබුණ හෝටලය සහ ක්‍රීඩාංගණය අතර ලොකු දුරක් තිබුණා. ඒ වගේම එහි පිහිනුම් තටාකයක් නෑ. ලොන්ඩරි පහසුකම්වලත් ප්‍රශ්නත් තිබුණා”

“බි්‍රස්ටල්වල වැඩි කාලයක් නොසිටි කණ්ඩායම්වලට ළඟ හෝටල් සහ පිහිනුම් තටාක පහසුකම් තිබුණා. ක්‍රීඩකයො මගෙන් අහනවා ඇයි ඒ කියලා. ඒ නිසයි මම පැමිණි කළේ” යැයි අසන්ත මහතා වැඩි දුරටත් පැවසීය.

කාඩිෆ්හිදී පළමු තරගයේදී නවසීලන්ත හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 136 කට දැවී ගිය අතර දෙවැනි තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 201 කට දැවී ගියේය.

 


අදහස් (2)

සැළකිල්ල ගැන මැසිවිල්ලක්
  • shanka Friday, 14 June 2019 07:06 PM

    පැමිණිලි කරන්න පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවට ඔබේ ඉදිරිපත් කිරීම් පෙන්වන්න.

    Reply 0       0

    shanka Friday, 14 June 2019 07:06 PM

    පැමිණිලි කරන්න පෙර අයි.සී.සී එකට ඔබේ හැකියාව පෙන්වන්න .

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.