Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්මිත් පිට පිට දෙවැනි ශතකයත් ලබාගනී

ස්මිත් පිට පිට දෙවැනි ශතකයත් ලබාගනී

editorial - 2020 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්ටීවන් ස්මිත් (104) පිට පිට ලබාගත් දෙවැනි ශතකය හමුවේ ඉන්දියාවට එරෙහිව සිඞ්නිහිදී අද (29 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 51 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ටේ්‍රලියාව සමත්විය. අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර එහිදී තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටින ඕස්ටේ්‍රලියා ප්‍රසාද ලකුණු 20 ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියාව ඕවර 50 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 389 ක් රැස්කිරීමට සමත්විය. ඉන්දියාවට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදීද ලකුණු 374 ක් ලබාගැනීමට ඕස්ටේ්‍රලියාව සමත්විය.

පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදීද ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ස්ටීවන් ස්මිත් පන්දු 64 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 104 ක් ලබාගැනීමට සමත්විය. පළමු තරගයේදී පන්දු 66 කදී ලකුණු 105 ක් ලබාගැනීමට ස්මිත් සමත්වූයේය.

ඬේවිඞ් වෝනර් (83), ඒරන් ෆින්ච් (60), මානස් ලැබුස්චේන් (70) සහ ග්ලෙන් මැක්ස්වෙල් (නොදැවී 63) අර්ධ ශතක ලබාගනිමින් ඕස්ටේ්‍රලියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ. ඬේවිඞ් වෝනර් පන්දු 77 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 83 ක්ද, ඒරන් ෆින්ච් පන්දු 69 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 60 ක්ද, මානස් ලැබුස්චේන් පන්දු 61 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 7 ක් සහ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 29 කදී හයේ සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 63 ක් නොදැවී ලබාගත්තේය.

ආරම්භක පිතිකරුවන් වූ ඬේවිඞ් වෝනර් සහ ඒරන් ෆින්ච් පළමු කඩුල්ල සඳහා පන්දු 137 කදී ලකුණු 142 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර මානස් ලැබුස්චේන් සහ ග්ලෙන් මැක්ස්වෙල් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 45 කදී ලකුණු 80 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

ඉන්දීය නායක විරාට් කෝලී පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත් අතර සියලුම පන්දුයවන්නන් ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 390 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 338 ක් පමණි.

විරාට් කෝලී සහ ලෝකේෂ් රාහුල් අර්ධ ශතක ලබාගත්තද එය ජයග්‍රහණය කරා යෑමට ප්‍රමාණවත් නොවීය. විරාට් කෝලී පන්දු 87 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 89 ක් ලබාගත් අතර ලෝකේෂ් රාහුල් පන්දු 66 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 76 ක් ලබාගැනීමට සමත්විය.

විරාට් කෝලී සහ ශ්‍රීයාස් අයියර් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 88 කදී ලකුණු 93 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
පැට් කමින්ස් කඩුලු 3 ක් ද, ජොෂ් හේසල්වුඩඞ් සහ ඇඩම් සම්පා කඩුලු 2 බැගින්ද දවාගනිමින් ඕස්ටේ්‍රලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූහ.

ඕස්ටේ්‍රලියාව - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 389
(ඬේවිඞ් වෝනර් 83, ඒරන් ෆින්ච් 60, ස්ටීවන් ස්මිත් 104, මානස් ලැබුස්චේන් 70, ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 63)

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 338
(මයන්ක් අගර්වාල් 28, ශීකාර් ධවාන් 30, විරාට් කෝලි 89, ශ්‍රියාස් අයියර් 38, ලෝකේෂ් රාහුල් 76, හර්දික් පාණ්ඩ්‍යා 28, රවින්ද්‍ර ජදේජා 24, පැට් කමින්ස් 67/3, ජොෂ් හේසල්වුඩඞ් 59/2, ඇඩම් සම්පා 62/2)


අදහස් (0)

ස්මිත් පිට පිට දෙවැනි ශතකයත් ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.