Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටාර්ක් නවසීලන්ත ඉනිම වනසයි

ස්ටාර්ක් නවසීලන්ත ඉනිම වනසයි

editorial - 2019 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පර්ත් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්තය ලකුණු 109 කට කඩුලු 5 ක් අහිමිකර ගනිමින් දැඩි අසීරුතාවයකට පත්ව සිටියේය. ඒ අනුව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 307 ක් පසු පසින් නවසීලන්තය සිටින්නේය.

රොස් ටේලර් ලකුණු 66 ක් ලබාගනිමින් කඩුල්ලේ රැඳී සිටි අතර බී.ජේ.වොට්ලිංග්ට තවමත් ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමිනොවීය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණක් තුල පිටියෙන් ඉවත් කිරීමට වේගපන්දු යවන්නන් වූ මිචෙල් ස්ටාර්ක් සහ ජොෂ් හේසල්වුඞ් සමත්වූහ.

රොස් ටේලර් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටියදී නායක කේන් විලියම්සන් දවාගැනීමට මිචෙල් ස්ටාර්ක් සමත්විය. ස්ටීවන් ස්මිත් අතට උඩපන්දුවක් දෙමින් විලියම්සන් දැවීයන විට පන්දු 70 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 34 ක් රැස්කර සිටියේය.

නවසීලන්ත ඉනිමට තවත් ලකුණු 20 ක් එක්වන විටදී සිවුවැනි සහ පස්වැනි කඩුලු ලෙස හෙන්රි නිකොල්ස් සහ නීල් වැග්නර් දවාගැනීමට මිචෙල් ස්ටාර්ක් සමත්විය.

පළමු දිනට ඊයේ (12 වැනිදා) තරගය අවසන් කරනවිට කඩුලු 4 කට ලකුණු 248 ක් රැස්කර සිටි ඕස්ටේ්‍රලියානු පිතිකරුවෝ අද දිනයේදී සියලුදෙනා දැවී ලකුණු 416 ක් රැස්කිරීමට සමත්වූහ.

ශතකයක් ලබාගනිමින් ඊයේ දිනයේදී වැඩි ගෞරව දිනාගත් මානස් ලැබුස්චේන් ලකුණු 143 ක් රැස්කර සිටියදී නීල් වැග්නර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් අද දැවී ගියේය. පන්දු 240 ක් පරා කඩුල්ලේ රැඳී සිටි ලැබුස්චේන්ගේ ඉනිම හයේ පහරක් සහ හතරේ පහර 18 කින් අලංකාර විය.

මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඞ් (56), ටිම් පේන් (39), පැට් කමින්ස් (20) සහ මිචෙල් ස්ටාර්ක් (30) එක්ව ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

නීල් වැග්නර් සහ ටිම් සෝතී කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලුදෙනා දැවී 416
(ඩේවිඩ් වෝනර් 43, මානස් ලැබුස්චේන් 143, ස්ටීවන් ස්මිත් 43, ට්‍රැවිස් හෙඞ් 56, ටිම් පේන් 39, පැට් කමින්ස් 20, මිචෙල් ස්ටාර්ක් 30, නීල් වැග්නර් 92/4, ටිම් සෝතී 93/4)

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 109
(කේන් විලියම්සන් 34, රොස් ටේලර් නොදැවී 66, මිචෙල් ස්ටාර්ක් 31/4)

...


අදහස් (0)

ස්ටාර්ක් නවසීලන්ත ඉනිම වනසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.