Last Update  :  2024-04-25 21:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සචිත්‍රගේ වත්කම් බැරකම් ඉල්ලයි

සචිත්‍රගේ වත්කම් බැරකම් ඉල්ලයි

editorial - 2021 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී තරග පාවාදීමට සැලසුම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට දින 14ක් තුළ සිය වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය උපදෙස් තිබේ. ඔහු දෙවැනි දිනටත් එම ඒකකය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී මෙම දැනුම් දීම කර ඇත.

පසුගිය 3 වැනිදා ද සචිත්‍ර සේනානායකගෙන් පැය 8ක පමණ දීර්ඝ ප්‍රකාශයක් ලබා ගැනීමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය කටයුතු කළේය.

පනතේ බළතල අනුව දින 14 ක් ඇතුළත වත්කම් බැරකම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙද තමා ඔහුට උපදෙස් දුන් බවත් ඒවා ලැබුණු පසු ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානී ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පැවසීය.

අදාළ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට සචිත්‍ර සේනානායක විසින් සහාය නොදැක්වීම හේතුවෙන් පසුගියදා ඔහුව අධිකරණය හමුවට ද කැදවා තිබුණී. නමුත් සචිත්‍ර සේනානායක එදින අධිකරණය හමුවට පැමිණ නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා සිල්වා මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත අසම්පූර්ණ බව ප්‍රකාශ කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා සිල්වා මහත්මිය එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවාය.

එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් මෙම සිද්ධිය සම්බන්ධව මීට පෙර ප්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්තා විය. මෙම ක්‍රීඩකයින් දෙදෙනා තරග පාවාදීමට පොළඹවා ගැනීම සදහා සචිත්‍ර විසින් ඔවුන්ට දුරකතන ඇමතුම් ලබා දී ඇති බවත්, පසුව ඒ සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා අදාල නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ බවත් සදහන් විය.

එම පැමිණිලි වලින් පසුව ක්‍රියාත්මක වූ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සහ අන්තර්ජාතික දූෂණ මර්දන ඒකකය මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇත. යම්කිසි හෙයකින් මෙම චෝදනාවන්ට සචිත්‍ර සේනානායක වරදකරු බවට පත්වුවහොත් ලක්ෂ 5 ක දඩයකට හෝ වසර 10 ක සිර දඩුවකමට හෝ එම දඩුවම් දෙකටම යටත්විමට සිදුවනු ඇත.


- 2079

 


අදහස් (1)

සචිත්‍රගේ වත්කම් බැරකම් ඉල්ලයි
  • sam Saturday, 06 March 2021 07:39 AM

    මෙයා වැරැදිකාරයෙක් වුණොත් මෙයාට දඬුවම් දෙකම ලබාදෙන්න.. එතකොට අනික් අයවත් හදයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.