Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දුෂිත ප්‍රවේශයක් වාර්තා නොකිරීම හේතුවෙන් වසරක තරග තහනමකට ලක්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් එම තහනමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලබන සතියේ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නම් කළ 18 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයට කැඳවා ඇත. තහනමෙන් පසුව පළමු වරට ජාත්‍යන්තර තරගාවලියකට එක්වීමට නියමිත සකීබ් අල් හසන් කොදෙව් සංචාරය සඳහා නම්කළ 24 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට එක්වූයේය.
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තවමත් එක්දින වරම් හිමිකර නොගත් ශොරිෆුල් ඉස්ලාම්, හසන් මහ්මුඩ් සහ මහදි හසන්ද සංචිතයට කැඳවා ඇති අතර ටමීම් ඉක්බාල්ට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරදීමෙන් පසුව පැවැත්වෙන පළමු එක්දින තරගාවලියද මෙය වන්නේය.
මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන සකීබ් තහනමට පෙර බංග්ලාදේශ පිලේ ටෙස්ට් සහ විස්සයි20 කණ්ඩායම් වල නායකත්වය දැරූ අතර තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවට එක්වීමට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී දේශීය විස්සයි20 තරගාවලියක් වූ බංගබන්දු තරගාවලියට ක්‍රීඩා කළේය. සකීබ්ට අමතරව හිටපු වේගපන්දු යවන්නන් වූ ටස්කින් අහ්මඩ් සහ රුබෙල් හුසේන්ද 18 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට කැඳවා තිබේ.
හිටපු නායක මෂ්රෆී මොර්ටාසා, ශෆිෆුල් ඉස්ලාම්, අල් අමීන් හුසේන් සහ නයීම් ෂේක් සංචිතයෙන් ඉවත් කිරීමට බංග්ලාදේශ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
පළමු සහ දෙවැනි එක්දින තරග මේ මස 20 සහ 22 දිනයන්හි ඩකාහිදී පැවැත්වෙන අතර තෙවැනි එක්දින තරගය 25 වැනිදා චැට්ටෝග්‍රෑම්හිදී පැවැත්වේ.
බංග්ලාදේශ සංචිතය
ටමීම් ඉක්බාල් (නායක), සකීබ් අල් හසන්, නජ්මුල් හුසේන්, මුෂ්ෆිකූර් රහීම්, මොහොමඩ් මිතුන්, ලිටන් දාස්, මහමුදුල්ලා, අෆීෆ් හුසේන්, සෞම්‍ය සර්කාර්, ටස්කින් අහ්මඩ්, රුබෙල් හුසේන්, ටයිජුල් ඉස්ලාම්, මුස්ටෆිසූර් රහ්මන්, මෙහෙදි හසන්, මොහොමඩ් සයිෆුඩීන්, මහදි හසන්, හසන් මහ්මුඩ්, ශොරිෆුල් ඉස්ලාම්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.