Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සකිබ් අල් හසන් ශ්‍රී ලංකා සංචාරයේදී ආයෙත් පිටියට

සකිබ් අල් හසන් ශ්‍රී ලංකා සංචාරයේදී ආයෙත් පිටියට

editorial - 2020 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


සකිබ් අල් හසන් බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී සිය තරග තහනමෙන් ආපසු කණ්ඩායමට එක්වීමේ සූදානමින් පසුවෙයි. තරග පාවාදීම සම්බන්ධයෙන් ප්‍රවේශයන් වාර්තා නොකිරීම හේතුවෙන් ක්‍රිකට් තහනමකට මුහුණ දී සිටින බංග්ලාදේශයේ ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයා වන සකිබ් අල් හසන්ගේ තහනම ඔක්තෝබර් මස 29 වැනිදා අවසන් වීමට නියමිතය.  

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මෙන්ම බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව සහභාගි වූ
තුන්කොන් තරගාවලියකදී බුකිකරුවන් යැයි සැක කෙරෙන අයෙකුගේ දූෂිත ප්‍රවේශයන් වාර්තා කිරීමට සකිබ් අල් හසන් අපොහොසත් වීය. ඒ  හේතුවෙන් සකිබ් අල් හසන්ට වසර දෙකක තහනමක් පැනවුණද පසුව එය වසරක කාලයකට අත්හිටුවන ලදි.

බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී තරග පැවැත්වෙන දින සම්බන්ධයෙන් මේ වන විටත් නිශ්චිත කාලසටහනක් සකස් කර නැත. එහෙත් දැනට කෙටුම්පත් කර ඇති කාලසටහන අනුව සකීබ්ට තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලියට ඇතුළත් විය හැකි බව වාර්තාවේ.

"මම හිතන්නේ සකීබ් වසරක පමණ කාලයක් ක්‍රීඩා කළේ නෑ. ඒත් අපේ සංචිතයේ සිටින අනෙක් ක්‍රීඩකයන් පවා මාස හයක් හෝ හතක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටින නිසා ඔහු අනෙක් ක්‍රීඩකයන්ගෙන් එතරම් වෙනස් වන්නේ නෑ" යැයි බංග්ලාදේශ පිලේ ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝ මහතා පැවසීය.

සකීබ් අල් හසන් ලබන මාසයේ සිට පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානමින් සිටී.

"අපි බලාපොරොත්තු වෙනවා සියලුම ක්‍රීඩකයින් නියමිත ශාරීරික යෝග්‍යතාවෙන් සිටිනවා කියා.  ඔවුන්ගේ යෝග්‍යතා මට්ටම අනුව අත්කර ගත යුතු ප්‍රමිතීන් තිබෙනවා.... සකීබ්ට මෙන්ම අනෙක් සියලුම ක්‍රීඩකයින් සඳහාත් අපි තරග කිහිපයක්  සංවිධානය කළ යුතුයි." යයිද ඩොමින්ගෝ මහතා පැවසීය.

"කිසිදු ආකාරයක තරග පුහුණුවක් නොමැතිව, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීම ඉතා අසීරු කරුණක්. මම හිතන්නේ ඔහුට ක්‍රීඩා කිරීමට යම් යම් අවස්ථා සොයා ගැනීමට අප උත්සාහ කළ යුතුයි.... ඔහු අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක්. එබැවින් ඔහු ඉතා ඉක්මනින් නැවත එ් තත්ත්වයට පිවිසෙනු ඇතැයි මට විශ්වාසයි, නමුත් ශාරීරික යෝග්‍යතාවය වැදගත් දෙයක්, ” යයිද ඩොමින්ගෝ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇතිකරගන්නා ලද එකඟතාව අනුව සැප්තැම්බර් 24 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්වෙනු ඇත. මුල් කාලසටහනට අමතරව තරග තුනකින් යුත් විස්සයි 20 තරගමාලාවක්ද බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ඉල්ලා තිබේ. එබැවින් එය තරග දෙකක ටෙස්ට් තරගමාලාවක්ද නැතහොත් තරග 3 ක ටෙස්ට් තරගාවලියක්ද යන්න පිළිබඳව තවමත් සාකච්ඡා කෙරෙමින් පවතී.

මේ අතර බංග්ලාදේශයේ තරුණ වේග පන්දු යවන ක්‍රීඩක කාසි ඉස්ලාම්ද තහනම් උත්තේජක භාවිතා කිරීම හේතුවෙන් වසර දෙකක තහනමකට මුහුණ දී සිටී.

තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීමට පෙර බංග්ලාදේශයේ විශාලතම ක්‍රීඩා ආයතනය වන බංග්ලාදේශ ක්‍රීඩා ප්‍රතිස්ථාපන මධ්‍යස්ථානයේ පුහුණුව ආරම්භ කිරීමට සකීබ් සූදානම් වේ.
කෙසේ වෙතත්, සකිබ් ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට පෙර නිල නොවන ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇතැයි ඩොමින්ගෝ මහතා පැවසීය. මේ වන විට සිය පවුලේ අය සමඟ එක්සත් ජනපදයේ සිටින 33 හැවිරිදි සකීබ් අල් හසන්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීමට සූදානම් වීමේ අරමුණින් අගෝස්තු මස අගදී ඩකා නුවරට යාමට සැලසුම් කර තිබේ.

පසුගිය වසරේ එක්සත් රාජධානියේ පැවති 2019 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 606 ක් රැස් කළ සකීබ් ඉතා හොඳින් දස්කම් අතර සිටියේය. ඔහු ටෙස්ට් තරග 56 කට සහභාගී වී ඇති අතර කඩුලු 210 ක් සහ ලකුණු 3862 ක් රැස් කර තිබේ.

එක්දින සීමිත ඕවර තරග  206 කදී ලකුණු 6323 ක් සහ කඩුලු 260 ක්  ලබා ඇති සකිබ් අල් හසන් විස්සයි-20 තරග 76 කදී ලකුණු 1567 ක් සහ කඩුලු 92 ක් දවාගෙන ඇත.
 

- 213


අදහස් (1)

සකිබ් අල් හසන් ශ්‍රී ලංකා සංචාරයේදී ආයෙත් පිටියට
  • sudesh Wednesday, 12 August 2020 01:04 PM

    මොකා අවත කමක් නැහැ.හැබැයි පසුගිය සැරේ බන්ගලියෝ ලංකාවට ඇවිල්ලා ස්ටේඩියම් එකේ තිබුන කැබින් කඩලා මහා විනාශයක් කළා. මේ පාර ඒ සෙල්ලම් කරන්න බැහැ.ගහනවා එලව එලව ගහනවා.යකෝ අපේ රටට ඇවිල්ලා බන්ගලියන්ට අපේ බඩු කඩන්න දෙන්න බැහැ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.