Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගා තවමත් දස්කම් අතර

සංගා තවමත් දස්කම් අතර

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුමාර් සංගක්කාරගේ (52) සහ රවී බොපාරාගේ (70) පිතිහරඹයත් ඉම්රාන් කයුම්ගේ (09/4) පන්දු යැවීමත් හේතුවෙන්  මුල්තාන් සුල්තාන් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 72 කින් ජයගැනීමට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සමත් විය.

පාකිස්තානයේ තරග සංචාරයක නිරත මාලිබෝර්න් ක්‍රිකට් සමාජ කණ්ඩායමේ නායකත්වය දරන්නේ මේ වන විට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන කුමාර් සංගක්කාර මහතාය. සංගක්කාර මහතා වසර 2015 දී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.

කාසියේ වාසිය දිනාගත් කුමාර් සංගක්කාර විසින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 184 ක් රැස්කිරීමට එම්.සී.සී. පිල සමත් විය.

මුල් පෙළ පිතිකරැවන්වූ ඒරන් ලිලී (19), මයිකල් බර්ගස් (18) සහ මයිකල් ලීස්ක් (09) එම්.සී.සී. ලකුණු පුවරැව 53 ක් වනවිට පිටියෙන් ඉවත් කිරීමට මුල්තාන් පන්දු යවන්නෝ සමත්වූහ. එහෙත් සිවුවැනි කඩුල්ල සඳහා කුමාර් සංගක්කාර සමගින් ලකුණු 89 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රවී බොපාරා ඉන් නොනැවතී පස්වැනි කඩුල්ල සඳහා සමිට් පටෙල් සමගින්ද ලකුණු 42 ක තවත් නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.

රවී බොපාරා පන්දු 37 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් රැස්කළ අතර සංගක්කාර පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් ලබාගත්තේය. සමිට් පටෙල් පන්දු 9 කදී නොදැවී ලකුණු 10 ක් ලබාගැනීමට සමත්විය.

අලී ශාෆීක් ඕවර 3 ක් යවමින් ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගත් අතර බිලාවල් භාති ඕවර 2 කදී ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත්තේය. මොහොමඩ් ඉල්යාස් සහ ජුනයිඩ් ඛාන් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය මුල්තාන් සුල්තාන් කණ්ඩායමට ඕවර 17.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112 ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මාලිබෝර්න් ක්‍රිකට් සමාජයේ ඉම්රාන් කයුම් සිය ඕවර 4 ලකුණු 09 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත්තේය.

මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ ලකුණු 10 සීමාව පසුකිරීමට සමත් වූයේ සීෂාන් අෂ්රෆ් සහ කුෂ්දිල් ෂා පමණි. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්වූහ.

පන්දු 4 ක් පමණක් යැවූ සමිට් පටෙල් ලකුණු 2 කට අවසන් කඩුලු 2 දවාගත් අතර ෆ්‍රෙඩ් ක්ලාසන් ඕවර 4 කදී ලකුණු 41 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය. ඔලිවර් හැනන් ඕවර 2 ක් යවමින් ලකුණු 03 කට කඩුල්ලක් දවාගත්තේය.
සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන රවී බොපාරා එලඹෙන පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී මුල්තාන් සුල්තාන් කණ්ඩායම නියෝජනය කරයි.

එම්.සී.සී. පිල සහ පාකිස්තානයේ උතුරැ කණ්ඩායම සමගින් පැවැති පළමු විස්සයි20 තරගයේදී එම්.සී.සී, පිල ලකුණු 9 කින් පරාජයට පත්විය. එහිදී කුමාර් සංගක්කාර රුස්කිරීමට හැකිවූයේ ලකුණු 10 ක් පමණි.

දෙවැනි තරගයේ කෙටි ලකුණු පුවරුව
මාලිබෝර්න් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 184
(ඒරන් ලිලී 19, මයිකල් බර්ග්ස් 18, කුමාර් සංගක්කාර 52, රවී බොපාරා නොදැවී 70, බිලාවල් භට්ටි 20/2, අලී ශාෆික් 21/2)

මුල්තාන් සුල්තාන් - ඕවර 17.4 කදී සියලුදෙනා දැවී 112
(සීෂාන් අෂ්රෆ් 20, කුෂ්දිල් ෂා 45, ඉම්රාන් කයුම් 09/4, සමිට් පටෙල් 02/2, ෆ්‍රෙඩ් ක්ලාසන් 41/2)

 


අදහස් (0)

සංගා තවමත් දස්කම් අතර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.