Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත පීතර විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ශාන්ත පීතර විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ශාන්ත පීතර විදුහලේ නිමුතු ගුණවර්ධන (54) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ෂෙරෝන් රොද්‍රිගූ ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ශාන්ත පීතර විදුහල - ඕවර 49 කදී කඩුලු 6 ක් දැවී 203
(නිමුතු ගුණවර්ධන 54, රූසඳ ගමගේ 46, ගෙවින් කරුණාකලගේ 27, කවික ජයසුන්දර නොදැවී 24, ඉසුරු ගුණසේකර 29/4)

ශාන්ත සිල්වෙස්ටර්  විදුහල - ඕවර 62 කදී සියලු දෙනා දැවී 114
  (සුනෙත් වීරසිංහ 38, ෂෙරෝන් රොද්‍රිගූ 17/3, විෂේන් හැළඹගේ 34/2)

-036

 


අදහස් (0)

ශාන්ත පීතර විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.