Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට වත්තල ශාන්ත ජෝෂප් විදුහල ඊයේ (5 වැනිදා) සමත් විය.

කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ක ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූරව වටයට පිවිසියේය.
 
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායමේ තනුක ප්‍රනාන්දු ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගත්තේය.

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 166  
(වනිඳු ආකේෂ් 48, මාලිංග සිල්වා 29, හංසජ ගුණසේකර 24, තනුක ප්‍රනාන්දු 35/5)

වේල්ස් කුමර විදුහල් ‘බී’ පිල - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 157
(ෂෙනුල ප්‍රනාන්දු 35, රතික ප්‍රනාන්දු 34, යසිරු සඳරුවන් 31, චලත් ගීත් 37/4)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.