Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා නැගී එන පිලට රිදී පදක්කම

ශ්‍රී ලංකා නැගී එන පිලට රිදී පදක්කම

editorial - 2019 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (9 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හමුවේ කඩුලු 7 ක පරාජයක් ලැබීම නිසා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ නැගී එන ක්‍රීඩකයෝ ඕවර 18.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. නායක නජුමුල් හොසේන් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කරමින් බංග්ලාදේශ නැගී එන කණ්ඩයමේ ජයග්‍රහණය තහවරු කළේය.

ආරම්භක පිතිකරුවන් වූ සයිෆ් හසන් පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක්ද, සෞම්‍ය සාකර් පන්දු 28 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක්ද රැස්කරමින් බංග්ලාදේශ නැගී එන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 122 ක් පමණි. ශ්‍රී ලංකා නැගී එන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සම්මු අශාන් පන්දු 20 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක් ලබා සිටියදී හසන් මහමුද්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මිහිදුල් ඉස්ලාම් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

තරගාවලිය පුරා ලකුණු අතර සිටි ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක පන්දු 24 කදී ලකුණු 22 කටද, නිෂාන් මධුෂංක පන්දු 19 කදී ලකුණු 16 කට දැවීයෑම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට විශාල පාඩුවක් විය. මූලික වටයේ තරගවලදී පිළිවෙලින් ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් (4) සහ ලසිත් කෘස්පුල්ලේ (1) ද මෙම තරගයේදී අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ මෙහෙදි හසන් ලකුණු 20 කට කඩුලු 3 ක් බිඳදැමූ අතර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ටන්වීර් ඉස්ලාම් ලකුණු 28 කට කඩුලු 2 ක් බිඳහෙළීය.


ශ්‍රී ලංකා නැගී එන පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 122   
(පැතුම් නිස්සංක 22, නිෂාන් මධුෂංක 16, චරිත් අසලංක 12, සම්මු අශාන් 25, මෙහෙදි හසන් 20/3, ටන්වීර් ඉස්ලාම් 28/2)

බංග්ලාදේශ නැගී එන පිල - ඕවර 18.1 කදී කඩුලු 3 ක් දැවී 125
(සයිෆ් හසන් 33, සෞම්‍ය සාකර් 27, නජ්මුල් හොසේන් නොදැවී 35, යසිර් අලී 19)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා නැගී එන පිලට රිදී පදක්කම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.