Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 119.5 කදී 293
ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 293 ක් පමණි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 113 ක් පසුපසින් ශ්‍රී ලංකාව සිටින්නේය.
විශ්ව ප්‍රනාන්දු - ඇ.චකබ්වා ප.නව්චි 38 (පන්දු 81, මිනිත්තු 82)
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 112 කදී 278/9
ශ්‍රී ලංකා කණ්ඩායමේ 9 වැනි කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 5 කට දවාගැනීමට සීකන්දර් රාසා සමත්විය. රාසා ලබාගත් 7 වැනි කඩුල්ල ලෙස සටහන් විය.
ලසිත් ඇඹුල්දෙණිය - ඇ.මුඩ්සින්ගන්යාමා (අතිරේක) ප.සීකන්දර් රාසා 05 (පන්දු 39, මිනිත්තු 56)
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 100 කදී 250/8
ඕවර 100 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටි අතර ඒ වන විට විශ්ව ප්‍රනාන්දු හතරේ පහරක් සමග ලකුණු 4 ක්ද, ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 97.1 කදී 244/8
ශ්‍රී ලංකා ඉනිමේ අටවැනි කඩුල්ල ලෙස කාල් මුම්බාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රේගිස් චකබ්වා අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 3 යි)
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 94.3 කදී 242/7
ශ්‍රී ලංකා ඉනිමේ හත්වැනි කඩුල්ල ලෙස සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි අතට උඩ පන්දුවක් දෙමින් සුරංග ලක්මාල් ලකුණු 5 කට දැවී යයි.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 88.2 කදී 228/6
ශ්‍රී ලංකා ඉනිමේ හයවැනි කඩුල්ල ලෙස සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකට දැවී යයි.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 87 කදී 226/5
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියේය. ඒ වන විට ඇනජලෝ මැතිව්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 53 ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැදී සීටි නිරෝෂන් දික්වැල්ල ලකුණු ලබාගැනීම ආරඹා තිබුණේ නැත.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 86.3 කදී 226/5
ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස සිකන්දර් රාසාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ධනංජය ද සිල්වා ලකුණු 42 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 5 යි)
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 85.1 කදී 224/4
පන්දු 128 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ඇන්ජලෝ මැතිව්ස් සිය 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනී.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 75 කදී 182/4
ඕවර 75 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් ලබා සිටි අතර ඇනජලෝ මැතිව්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 35 ක්ද, ධනංජය ද සිල්වා හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 16 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 64.5 කදී 142/4
ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 6 කට දැවී යයි. (හයේ පහර 1 යි)
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 62.5 කදී 134/3
ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ කාල් මුම්බා අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 22 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)
.......................................................................................................................
පෙරවරු 9.00
තෙවැනි දිනය සඳහා තරගය ආරම්භ කිරීමට කුසල් මෙන්ඩිස් (නොදැවී 19) සහ ඇන්ලෝ මැතිව්ස් (නොදැවී 4) පිටියට පිවිසෙති.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 54 කදී 122/2
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 122 ක් ලබා සිටි අතර කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක්ද, ඇනජලෝ මැතිව්ස් ලකුණු 4 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
.......................................................................................................................
පස්වරු 4.54 -
නැවත ආරම්භ නොකරම දෙවැනි දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කරති.
.......................................................................................................................
පස්වරු 4.31 -
මන්දාලෝක තත්වය හේතුවෙන් තරගය යළිත් නතර කරයි.
.......................................................................................................................
පස්වරු 4.09 -
වර්ෂාව හේතුවෙන් මඳ වේලාවකට තරගය නවත්වා යළිත් ආරම්භ කරයි.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 50 කදී 117/2
ඕවර 50 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටි අතර කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 16 ක්ද, ඇනජලෝ මැතිව්ස් ලකුණු 3 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 43.1 කදී 104/2
ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඩොනල්ඩ් ටිරිපානෝගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රේගිස් චකබ්වා අතට උඩ පන්දුවක් දෙමින් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 44 කට දැවී යයි. (හතරේ පහර 4 යි)
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 36.2 කදී 94/1
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 94 කට සීමා කරමින් සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 44 කට දැවී යයි. (හතරේ පහර 3 යි)
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 33 කදී 88/0
තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 88 ක් ලබා සිටි අතර ඒ වන විට නායක දිමුත් කරුණාරත්න හතරේ පහර 3 ක් සමග ලකුණු 40 ක්ද, ඕෂධ ප්‍රනාන්දු හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
තේ පානය දක්වා කාලය තුළ සිම්බාබ්වේ පන්දු යවන්නෝ 5 දෙනෙක් විසින් ඕවර 33 ක් යවනු ලැබුව තිබුණද එහිදී එක් කඩුල්ලක් හෝ දවාගැනීමට ඔවුහු අපොහොසත් වූහ.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 25 කදී 74/0
ඕවර 25 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 74 ක් ලබා සිටි අතර ඒ වන විට නායක දිමුත් කරුණාරත්න හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද, ඕෂධ ප්‍රනාන්දු හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
.......................................................................................................................
ශ්‍රී ලංකාව - ඕවර 15 කදී 42/0
දිවා ආහාරයෙන් පසුව සිම්බාබ්වේ පන්දු යවන්නෝ ඕවර 12 ක් යැවුවද කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් වූහ. දිමුත් කරුණාරත්න ලකුණු 12 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 22 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිති.
.......................................................................................................................
දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කිසිවකු නොදැවී ලකුණු 06 ක් රැස්කර සිටියේය.
(දිමුත් කරුණාරත්න නොදැවී 2, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 4)
.......................................................................................................................
ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා කාර්ල් මුම්බා කැඳවයි.
.......................................................................................................................
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.