Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව හමුවේ සිල්වර්වුඩ් විවේක ගනී

ශ්‍රී ලංකාව හමුවේ සිල්වර්වුඩ් විවේක ගනී

editorial - 2021 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පාකිස්තානය සහ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමෙන් නිවාඩු ලබාගනු ඇත. සහකාර පුහුණුකරුවන් වන පෝල් කොලින්වුඩ් සහ ග්‍රැහැම් තෝප් ශ්‍රී ලංකාව සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලි සඳහා ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ඇත.

එංගලන්ත කණ්ඩායම ඉදිරියේ අතිශය කාර්යබහුල තරග කාලසටහනක් ඇති බැවින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමග පැවත්වෙන තරගාවලි දෙකේදී විවේක ගැනීමට ක්‍රිස් සිල්වර්වුඩ් මහතා තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින සහ විස්සයි-20 තරගාවලිය ජූනි මස 23 වැනිදා ආරම්භ වෙයි. පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලිය ජූලි මස 8 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වේ. කණ්ඩායම් දෙක සමගින් එංගලන්තය මුහුණ දෙන සීමිත ඕවර තරග  සංඛ්‍යාව 12 කි.

මෙම තරගාවලි දෙකින් පසුව ආරම්භ වන්නේ එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකි. එබැවින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන සීමිත ඕවර තරගාවලි දෙකේදී වගකීම සහාය පුහුණුකරුවන් දෙදෙනාට පවරන ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී නැවත වරක් එංගලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කණ්ඩායමට එක්වනු ඇත.

මේ වසර මුලදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කළ සංචාරවලදී එංගලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරුවා වූ සිල්වර්වුඩ් මහතා කියා සිටියේ සහාය කාර්ය මණ්ඩලය “හැකි තරම් නැවුම්ව” තබා ගැනීම වැදගත් බවයි.

“මා 100% කට වඩා අඩු මට්ටමකින් ක්‍රියාත්මක වන්නේ නම් එය ක්‍රීඩකයන්ගේ පැත්තෙන් සාධාරණ නෑ. එය මා ගැනත් සාධාරණ නෑ” යැයි සිල්වර්වුඩ් මහතා බි්‍රතාන්‍ය මාධ්‍ය වෙත පවසා තිබිණ.

“තෝර්ප් එකක් කරයි. කොලින්වුඩ් අනෙක් එක කරයි. මම එය මගේ විවේකය ලෙස භාවිතා කරමින් අපට ඉදිරියෙන් ඇති දේ සඳහා නැවුම්ව සූදානම් වෙනවා” යයිද සිල්වර්වුඩ් මහතා එංගලන්ත මාධ්‍ය වෙත පැවසීය.

අතිශය කාර්යබහුල තරග කාලසටහනකට මුහුණ දීම සඳහා එංගලන්තය දැනටමත් ඔවුන්ගේ ක්‍රීඩකයින් සඳහා මාරු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.

මෙවර ගිම්හානයේදී ටෙස්ට් තරග 7 ක් සහ සීමිත ඕවර තරග 12 ක් සඳහා සත්කාරකත්වය දැරීමෙන් පසුව, එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානය තරගාවලියට සහභාගි වෙයි.  

ඉන් අනතුරුව ජෝ රූට්ගේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේදී අළු බඳුන තරගාවලියට මුහුණ දෙන අතර ඊළඟ වසර (2022) ආරම්භ වන්නේ බටහිර ඉන්දීය දූපත් වෙත කෙරෙන දීර්ඝ සංචාරයකිනි. එබැවින් ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට ඒ කාලය තුළ විවේකයක් ලැබේද යන්න තවමත් නිශ්චිත නැත.

“ඒක මට පහසු වෙන එකක් නෑ කියන දේ මා ප්‍රතික්ෂේප කරන්නේ නෑ” යයි තාවකාලිකව සිය රැකියාවෙන් ඉවත් වීම ගැන සිල්වර්වුඩ් මහතා පැවසීය.

- 213

 


අදහස් (0)

ශ්‍රී ලංකාව හමුවේ සිල්වර්වුඩ් විවේක ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.