Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විලියම්සන් තවත් ශතකයක් අබියස

විලියම්සන් තවත් ශතකයක් අබියස

editorial - 2020 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ටොම් ලේතම් (86) සහ කේන් විලියම්සන් (නොදැවී 97) දෙදෙනාගේ අර්ධ ශතක හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව හැමිල්ටන්හිදී අද (3 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්තය කඩුලු 2 කට ලකණු 243 ක් රැස්කරමින් දිනයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත්විය. නවසීලන්ත කණ්ඩායම මාස 10 කට පමණ පසුව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගයේදීම කේන් විලියම්සන් ශතකයට අත පොවන මානයටම පැමිණ සිටී.

නවසීලන්ත කණ්ඩායමක් අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් නුවරදීය.

නවසීලන්ත ලකුණු සංඛ්‍යාව 14 ක් වනවිට ආරම්භක පිතිකරු විල් යංග් දැවී ගියද දෙවැනි කඩුල්ල සඳහා එක්වූ ටොම් ලේතම් සහ කේන් විලියම්සන් ලකුණු 158 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. ලකුණු 86 ක් රැස්කර සිටියදී කෙමාර් රෝච්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ආරම්භක පිතිකරු ටොම් ලේතම්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. පන්දු 184 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ලේතම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් විය.

දිනය නිමාවනවිට පන්දු 219 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි නායක කේන් විලියම්සන් හතරේ පහර 16 ක් සමගින් නොදැවි ලකුණු 97 ක් රැස්කර සිටි අතර රොස් ටේලර් පන්දු 61 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු නොදැවී ලකුණු 31 ක් රැස්කරමින් කඩුල්ලේ රැඳී සිටින්නේය. තරගය නතර කරනවිට තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 75 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔව්හු සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිලේ නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළේ වැසිබර කාලගුණයෙන් ප්‍රයෝජනයක් ලබාගැනීමේ අටියෙනි. එහෙත් උදෑසන ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවුවද පසුව තරගයේ වාසිය අත්කරගැනීමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූහ.

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 243
(ටොම් ලේතම් 86, කේන් විලියම්සන් නොදැවී 97, රොස් ටේලර් නොදැවී 31, කෙමාර් රෝච් 53/1, ෂැනන් ගේබි්‍රයල් 62/1)
- 2079
 
 

 


අදහස් (0)

විලියම්සන් තවත් ශතකයක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.