Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක්

විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කේන් විලියම්සන්ගේ (251) ද්විත්ව ශතක හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව හැමිල්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පළමු ඉනිම අත්හිටවූ නවසීලන්තය කඩුලු 7 කට ලකණු 519 ක් රැස්කරමින් දිනයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත්විය.

සිය ටෙස්ට් තරග දිවියේ තෙවැනි ද්විත්ව ශතකය ලබාගත් කේන් විලියම්සන් මිනිත්තු 624 ක කාළයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 412 කට මුහුණදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 34 ක් සමගින් ලකුණු 251 ක් ලබාගත්තේය.

ටෝම් ලේතම් සමගින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 158 ක සම්බන්ධතාවයක්ද, තෙවැනි කඩුල්ල සඳහා රොස් ටේලර් සමගින් ලකුණු 83 ක සහ කයිල් ජේමිසන් සමගින් හත්වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 94 ක සම්බන්ධතාවයක් පවත්වමින් නවසීලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට කේන් විලියම්සන් සමත්විය.

පළමු දිනය නිමාවන විට විලියම්සන් සමගින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි රොස් ටේලර්ට දෙවැනි දිනයේ වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමට අවස්ථාවක් ලබානොදුන් ශැනන් ගේබි්‍රයල් ඔහුව ලකුණු 38 කට දවාගත්තේය.

සෙසු පිතිකරුවන්ට ලකුණු රැස්කිරීමට වැඩි අවස්ථාවක් කොදෙව් පන්දු යවන්නන්ගෙන් හිමිනොවූ නමුත් පසුපෙළ පිතිකරුවකුවන කයිල් ජේමිසන් පන්දු 64 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 51 ක් ලබාගැනීමට සමත්විය.

කෙමාර් රෝච් සහ ශැනන් ගේබි්‍රයල් කඩුලු 3 බැගින් දවාගනිමින් කොදෙව් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් පිල කිසිවකු නොදැවී ලකුණු 49 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරුවන්වූ ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 20 ක් සහ ජෝන් කැම්බල් ලකුණු 21 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

පළමු දිනය අවසන් වනවිට නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 243 ක් රැස්කර සිටියේය.


නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 519
(ටොම් ලේතම් 86, කේන් විලියම්සන් 251, රොස් ටේලර් නොදැවී 38, කයිල් ජේමිසන් නොදැවී 51, කෙමාර් රෝච් 114/3, ශැනන් ගේබ්‍රියල් 89/3)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කිසිවකු නොදැවී 48
(ක්‍රේග් බ්‍රැත්වේට් නොදැවී 20, ජෝන් කැම්බල් නොදැවී 21)


- 2079

 


අදහස් (0)

විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.