Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

editorial - 2019 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස පළමු සතියේදී ඇරඹේ. මෙම තරගාවලිය ලබන වසරේ (2020) අප්‍රේල් මස දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම තරගාවලිය පළමු කොටස, දෙවැනි කොටස, තෙවැනි කොටයේ පළමු මට්ටම සහ තෙවැනි කොටසේ දෙවැනි මට්ටම ලෙස කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වේ. මෙවර තරගවාරයේ තරග යොදා ගැනීමේ රැස්වීම මේ මස (18 වැනිදා) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

පළමු කොටස යටතේ පාසල් 36 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වදින අතර, දෙවැනි කොටස යටතේ පාසල් 34 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වදිනු ඇත. තෙවැනි කොටසේ පළමු මට්ටම යටතේ පාසල් 63 ක් තරග වදින අතර තෙවැනි කොටසේ දෙවැනි මට්ටම යටතේ පාසල් 120 ක් තරග වදිනු ඇත.
 
මෙම තරග යොදා ගැනීමේ රැස්වීමට සෑම පාසලකම ක්‍රිකට් භාර ආචාර්ය, පුහුණුකරු සහ කණ්ඩායම් නායක අනිවාර්යයෙන්ම සහභාගිවිය යුතු බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය නිවේදනය කරයි. තරග යොදා ගැනීමේ රැස්වීමේදී ක්‍රිකට් භාර ආචාර්යවරුන්, පුහුණුකරුවන් සහ නායකයන් දැනුවත් කිරීම වෙනුවෙන් වැඩමුළුවක්ද පැවැත්වේ.
 
වයස අවුරුදු 19 න් පහළ තරගාවලි ලේකම් ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් මහතා (070-5090054) ඇමතීමෙන් තරග යොදා ගැනීමේ රැස්වීම සම්බන්ධ සියලු තොරතුරු ලබාගත හැකිය.

-036

 


අදහස් (0)

වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.