Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වට්මෝර් ආපසු එන්න කැමතිවෙයි

වට්මෝර් ආපසු එන්න කැමතිවෙයි

editorial - 2019 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ඩර්හැම් සිට...) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම පුහුණුකරුවා මෙන්ම වඩාත් කථා බහට ලක්වූ පුහුණුකරුවා ද වන ඩැව්නෙල් වට්මෝර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු වශයෙන් නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළකර තිබේ. එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඒ මහතාගේ පත්වීම ස්ථිර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.  

වට්මෝර් මහතා 1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරුවා වීම නිසා වට්මෝර් මහතා සහ ශ්‍රී ලංකාව අතර හොඳ සම්බන්ධතාවක් පවතී. ශ්‍රී ලංකාවේ උපත ලැබූවකු වන 65 හැවිරිදි වට්මෝර් මහතා ඕස්ටේ්‍රලියාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි. 

වට්මෝර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් වල පහළ මට්ටමේ සිට ජාතික කණ්ඩායම දක්වා පුහුණුවීම් අධීක්‍ෂණය සඳහා පත්කිරීමට නියමිතය.  ඒ අනුව වට්මෝර් මහතා වයස 15 න් පහළ සිට වයස 19 න් පහළ දක්වා ජාතික කණ්ඩායම්, සංවර්ධන, නැගීගෙන එන සහ ශ්‍රී ලංකා ‘ඒ’ යන සංචිත සහ ජාතික සංචිතය අධීක්‍ෂණය කිරීමට නියමිතය. ඊට අමතරව ඒ මහතාට පළාත් ක්‍රිකට් ද පැවරීමට නියමිත බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ වට්මෝර් මහතා මේ වන විටත් උපදේශක තනතුර බාරගැනීමට කැමැත්ත පළකර තිබෙන අතර ඊට සම්බන්ධ වෙනත් කරුණු සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි. 

“ඒ මහතාගේ ගෙවීම් සම්බන්ධයෙන් අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නේ. ඔහු අපිට ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස කියලා තියෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

වට්මෝර් මහතා උපදේශක තනතුරට පත්වුවහොත් අසංක ගුරුසිංහ මහතා මේ වන විට ආවරණය කරන පුහුණු කටයුතුවලට සම්බන්ධ සේවාවන් රැසක් ඔහුගෙන් ඉවත් කෙරෙනු ඇත.

 


අදහස් (0)

වට්මෝර් ආපසු එන්න කැමතිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.