Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාහුල් ඉන්දීය පිලේ ජයග්‍රහණය ඉක්මන් කරයි

රාහුල් ඉන්දීය පිලේ ජයග්‍රහණය ඉක්මන් කරයි

editorial - 2020 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඕක්ලන්ඩ්හි ඊඩ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 17.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 57 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

ශ්‍රෙයාස් අයියර් (44) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අගනා අඩිතාලමක් දැමීමටද රාහුල් සමත් වූ අතර පන්දු 33 කදී වාර්තා වූ අයියර්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් අන්තර්ගත විය.

ඉෂ් සෝධිගේ පන්දුවක් හමුවේ ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමින් අයියර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ශර්මා ලකුණු 8 කට දවාගත් සවුති, ඉන් නොනැවතී ලකුණු 11 ක් ලබා සිටි විරාට් කෝලිද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකණු 132 ක් පමණි. එහිදී ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද, ටිම් සෙයිෆර්ට් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 33 ක්ද රැස්කරමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

කොලින් මුන්රෝ (26) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර පන්දු 25 කදී වාර්තා වූ මුන්රෝගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. පළමු තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් රොස් ටේලර්ට මෙම තරගයේදී පන්දු 24 කට මුහුණදෙමින් ලබාගත හැකි වූයේ ලකුණු 18 ක් පමණි.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 5 කට 132
(මාටින් ගප්ටිල් 33, කොලින් මුන්රෝ 26, කේන් විලියම්සන් 14, රොස් ටේලර් 18, ටිම් සෙටිෆර්ට් නොදැවී 33, රවින්ද්‍ර ජදේජා 18/2)

ඉන්දියාව - ඕවර 17.3 කදී කඩුලු 3 කට 135
(ලොකේෂ් රාහුල් නොදැවී 57, විරාට් කෝලි 11, ශ්‍රෙයාස් අයියර් 44, ටිම් සවුති 20/2)

 

-036

 


අදහස් (0)

රාහුල් ඉන්දීය පිලේ ජයග්‍රහණය ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.