Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෂීඩ් ඛාන් ඇෆ්ඝනිස්තාන පිලේ නායකත්වයට

රෂීඩ් ඛාන් ඇෆ්ඝනිස්තාන පිලේ නායකත්වයට

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි20 ආකෘති තුනේම නව නායකයා ලෙස පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඞ් ඛාන් නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ හිටපු නායක අස්ගර් ඇෆ්ගන් ඔහුගේ උප නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අස්ගර් ඇෆ්ගන් එම තනතුරෙන් ඉවත් කළ එරට ක්‍රිකට් ආයතනය, ආකෘති තුනට නව නායකයන් තිදෙනෙක් නම් කිරීමට කටයුතු කළේය. එහිදී රාමට් ෂා ටෙස්ට් නායකයා ලෙසද, ගුලාබ්දීන් නයිබ් එක්දින නායකයා ලෙසද, රෂීඞ් ඛාන් විස්සයි20 නායකයා ලෙසද නම් කෙරිණ.

කෙසේ වුවත් ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පෙන්නුම් කළ පසුබෑම හමුවේ එක්දින නායකයා ලෙස කටයුතු කළ ගුලාබ්දීන් නයිබ්ද නායකත්වයෙන් ඉවත් කරමින් ආකෘති තුනේම නායකත්වය විස්සයි20 කණ්ඩයමේ නායකයා ලෙස කටයුතු කළ රෂීඞ් ඛාන් යටතට පැවරීමට ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේදී තරග 9 කට ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එම තරග 9 දීම පරාජයට පත් වූ අතර එහිදී පන්දුවෙන්ම මෙන්ම පිත්තෙන්ද වැඩි යමක් කිරීමට ගුලාබ්දීන් නයිබ් අසමත් විය.

තරගාවලිය පුරා නායකයකු ලෙස ඔහු ගත් තීරණ සම්බන්ධයෙන්ද බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ අප්‍රසාදය පළ විය.

ලබන සැප්තැම්බර් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී පළමු වරට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම මෙහෙයවන රෂීඞ් ඛාන්, ඉන් අනතුරුව බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තුන් කොන් තරගාවලියේදී මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරග 3 කින්, එක්දින තරග 3 කින් සහ ටෙස්ට් තරගයකින් සමන්විත තරග සංචාරයකදීද ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිතය.


-036

 


අදහස් (0)

රෂීඩ් ඛාන් ඇෆ්ඝනිස්තාන පිලේ නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.