Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොයින් අලීට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

මොයින් අලීට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

editorial - 2021 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොයින් අලීගේ නිරෝධායනය වන කාල සීමාව දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් තීරණය කිරීම හේතුවෙන් ඔහුට සම්පූර්ණ ටෙස්ට් තරගාවලියම මඟහැරී යනු ඇතැයි වාර්තා වේ. එංගලන්ත සංචිතය සමගින් ශ්‍රී ලංකාවට පැමිණි විට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් පසුව මොයින් අලී කොරෝනා වයිරසය ආසාදිතයකු බවට තහවුරු වීම හේතුවෙන් නිරෝධායනය සඳහා ඔහුව යොමුකරන ලදී.

පසුව හෙළිදරව් වූයේ කොරෝනා වයිරසයේ නවතම ප්‍රභේදය වන වඩාත් වේගයෙන් පැතිර යන වයිරසය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මොයින් අලීගෙන් බව වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරු විය.

පසුගිය බදාදා ඔහුව නිරෝධායනයෙන් නිදහස් කිරීමට නියමිතව තිබුනද, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔහුගේ දින 10 ක නිරෝධායනය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා රජය එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

එංගලන්තය එම ඉල්ලීමට එකඟ වීම සතුටට කරුණක් වන නමුත් ඔහු සිකුරාදා නිරෝධායනයෙන් ඉවත්ව යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනවාරි 22 වනදා ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා මොයින් අලීට සහභාගිවිය හැකි නමුත් සූදානම් වීමේ කාලයක් නොමැතිකම හේතුවෙන් ඔහුට එම තරගයද අහිමිවීමේ අවදානමක් තිබේ.

මෙම තත්ත්වය අනුව 2019 අළු බඳුන තරගාවලියෙන් පසුව ප්‍රථම වතාවට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමට පෙබරවාරි මාසයේ පැවැත්වෙන ඉන්දීය සංචාරය තෙක් බලා සිටීමට මොයින්ට සිදුවනු ඇත. මොයින් සමගින් සමීප සම්බන්ධතාවයක් පැවැත්වූවකු ලෙස හඳුනා ගැනීමෙන් පසු දින හතක් නිරෝධායනය වීමට සිදුවූ ක්‍රිස් වෝක්ස්, සූදානම් වීමේ කාලයක් නොමැතිකම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් වූයේය.

“ඔහුට ඒක ටිකක් අමාරු වුනා, ඔහුට රෝග ලක්ෂණ කිහිපයක් තිබුණා, මම හිතන්නේ දැන් ඒක ඉවරයි, ඒක හොඳයි. ඒත් මේ අසනීපය නම් කාටවත් හැදෙන්න එපා. ඔහුට හොඳින් සුවය ලැබුණට ස්තූතිවන්ත වෙනවා” යැයි ක්‍රිස් වෝක්ස් පැවසීය.


- 2079

 


අදහස් (0)

මොයින් අලීට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.