Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිචෙල් මාෂ්ට අයි.පී.එල්. අහිමි වෙයි

මිචෙල් මාෂ්ට අයි.පී.එල්. අහිමි වෙයි

editorial - 2020 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සන්රයිසස් හයිද්‍රාබාද් පිල ක්‍රීඩා කළ අයි.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගයේදීම පාදයේ වළලුකරට පන්දුව වද්දාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් මාෂ්ට තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අහිමි වී තිබේ. ඔහුගේ ආදේශක ක්‍රීඩකයා වශයෙන් කොදෙව් නායක ජෙසන් හෝල්ඩර් තෝරාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් කළමණාකාරීත්වය මේ වන විටත් තීර‍ණය කර තිබේ.

28 හැවිරිදි මිචෙල් මාෂ් යැවූ දෙවන පන්දුවට  ඒරන් ෆින්ච් ගැසූ පහරකින් ඇදීයන පන්දුව වැළැක්වීමට සිය පාදය දැමීය. එහිදී පන්දුව වැදීමෙන් ඔහුගේ දකුණු පාදයේ වළලුකර තුවාල විය. ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයාට පිටියෙන් ඉවත් වීමට පෙර තවත් ඕවර දෙකක් යැවූ නමුත් අපහසුතාව නිසා පිටියෙන් ඉවත්ව ගියේය.

පසුව ඔහු අංක 10 ස්ථානයේ පන්දුවට පහර දීමට පැමිණියේ තම කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී යාමෙන් වළක්වාගැනීමේ අටියෙනි. මිචෙල් මාෂ් සිය අයිපීඑල් දිවියේ තරග 21 කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 225 ක් සහ කඩුලු 20 ක් දවාගෙන ඇත.

මිචෙල් මාෂ්ගේ ආදේශකයා වන අඩි 6 අඟල් 7 ක් උස ජේසන් හෝල්ඩර් අයි.පී.එල්. තරග 11 කට පමණක් ක්‍රීඩා කර ඇති අතර, ලකුණු 28 ක් සහ කඩුලු 5 ක් දවාගෙන තිබේ. ඔහු 2013 දී රාජස්ථාන් පිලට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයට පිවිසි අතර අවසන් වරට අයි.පී.එල්. තරගාවලියට සහභාගී වූයේ 2016 දී ය.

 - 213


අදහස් (0)

මිචෙල් මාෂ්ට අයි.පී.එල්. අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.