Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පුහුණුකරුවන්ට යන්න කියනවා

පුහුණුකරුවන්ට යන්න කියනවා

editorial - 2019 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර) 

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දන්වා ඇති පරිදි ජාතික කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට ඊයේ (18) පැවසීය.

“ජාතික කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන්ට ඉවත්වන ලෙස දැනුම් දෙන්න ක්‍රීඩා අමාත්‍යවරයා මට ලිඛිතව දන්වා තියෙනවා. මා එම උපදෙස ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා”

“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විධායක සභා රැස්වීම අද අවසන් වෙනවා. ඉන් පසුව මම හෙට දිනයේ ශ්‍රී ලංකාවට පැමිණ පුහුණුකරුවන්ට ඉවත්වන ලෙස ලිඛිතව දැනුම්දීමට කටයුතු කරනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ අසාර්ථකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා පිලේ සියලුම පුහුණුකරුවන්ගේ සේවය අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

ඒ අනුව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජෝන් ලුවිස් යන මහත්වරු ඇතු`ඵ හය දෙනකුගේ සේවය අවසන් කිරීමට නියමිතය.  

ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ලන්ඩන් නුවරදී පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විධායක සභා රැස්වීම ඊයේ (18) අවසන් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීහූ පිරිසක් එම රැස්වීම් මාලාවට සහභාගි වූහ.  


අදහස් (0)

පුහුණුකරුවන්ට යන්න කියනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.