Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැතුම් නිස්සංක ටෙස්ට් සංචිතයට

පැතුම් නිස්සංක ටෙස්ට් සංචිතයට

දමින්ද විජේසූරිය - 2021 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


තවමත් ක්‍රීඩා කර ඇත්තේ එකම එක විස්සයි-20 අන්තර්ජාතික තරගයකට වූවත්, අනාගතය වෙනුවෙන් බොහෝ පොරොන්දු පෙන්නුම් කර ඇති දකුණත් පිතිකරු පැතුම් නිස්සංක  ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටු නිලධාරීහු උත්සුක වී සිටිති. බටහිර ඉන්දිය පිලට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්වත ටෙස්ට් සංචිතය සඳහා නම්කරන ලද 18 දෙනාට පැතුම් නිස්සංකත් ඇතුළත් වී සිටී.
 
තවමත් 22 හැවිරිදි පැතුම් නිස්සංක පෙරේදා (3 වැනිදා) කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා වර්ණ දිිනාගත්තේය. එහිදී පන්දු 34 කින් ලකුණු 39 ක් ලබාගත්තේ හතරේ පහර 4 ක් සහ හයේ පහරක්ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. එදින ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාද වූ පැතුම් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෙකි.

“එයා අන්තර්ජාතික ක්‍රීඩාවේ ආකාර තුනේදීම ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. දැන් අපි හිතන්න ඕනා මේ වගේ ක්‍රීඩකයන් ගැනයි”

“සෑම ක්‍රීඩකයෙක්ම ඕනෑම ආකාරයක ක්‍රීඩාවකට හුරුවෙන්න ඕනා... මොකද ටෙස්ට් තරගයකදී වුණත් විස්සයි-20 රටාවට ක්‍රීඩා කරන්න වෙන වෙලාවල් තියෙනවා. අනෙක් අතට එක්දින තරගයකී වුණත් එක ළඟ කඩුලු කිහිපයක් දැවී ගියොත් ටිකක් ඉවසීමෙන් ක්‍රීඩා කරන්නත් වෙනවා”යයි පැතුම් ගැන කළ විමසීමකදී තේරීම් කමිටුවට ඇතුළත් වී සිටින සාමාජිකයෙක් පැවසීය.

දැනට නම්කරන ලද ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින්නේ ක්‍රීඩකයන් 17 දෙනකු පමණි. එහෙත් එක්දින තරගාවලියේ දස්කම් මත දැනට ඇන්ටිගුවා දිවයිනේ සිටින තවත් වේග පන්දු යවන්නකු ටෙස්ට් සංචිතයට එක්වීමට නියමිතය. ටෙස්ට් සංචිතයට අයත් ක්‍රීඩකයන් ලබන ඉරිදා (7 වැනිදා) ඇන්ටිගුවා දිවයින බලා පිටත්ව යාමට නියමිතය.


ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, රොෂේන් සිල්වා සහ සුරංග ලක්මාල්.

 


අදහස් (0)

පැතුම් නිස්සංක ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.