Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රීමා කුසලාන බස්නාහිර පළාත් උතුර පිලට

ප්‍රීමා කුසලාන බස්නාහිර පළාත් උතුර පිලට

editorial - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් වයස 15 න් පහළ ‘ප්‍රීමා කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම අද (10 වැනිදා) සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 69 ක ජයක් වාර්තා කරමින් බස්නාහිර පළාත් උතුර ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 250 ඉලක්යක් හඹාගිය වයඹ පළාත් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 25 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 100 ක් ලබා සිටියේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ බස්නාහිර පළාත් උතුර කණ්ඩායමේ සජිත විතානගේ ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ඕවර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 249 ක් ලබාගත් අතර සමිත චාතූර්ය ලකුණු 31 ක්ද, ශාන් දාබරේ සහ හිරාන් ජයසුන්දර ලකුණු 27 බැගින්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


බස්නාහිර පළාත් උතුර කණ්ඩායම - ඕවර 47 කදී සියලු දෙනා දැවී 249  
(ශාන් දාබරේ 27, රුසිරු විලෝචන 22, හිරාන් ජයසුන්දර 27, සමිත චාතූර්ය 31, චතුමාල් ප්‍රනාන්දු 27/3, විෂ්ව රාජපක්ෂ 49/2, තිමිර විරාන් 31/2)

වයඹ පළාත් කණ්ඩායම - ඕවර 25 කදී කඩුලු 6 ක් දැවී 100  
(නෙත්මල් ද සොයිසා 25, ගයාන් වීරසිංහ 35, සජිත විතානගේ 24/3)

-036

 


අදහස් (0)

ප්‍රීමා කුසලාන බස්නාහිර පළාත් උතුර පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.