Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

editorial - 2020 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව - 14/0

ජයග්‍රහණය සඳහා ඕවර 13 කදී ලකුණු 14 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 3 ක් අවසානයේ කිසිවකු නොදැවී ජයග්‍රහණයේ සීමාව පසුකර යෑමට සමත්විය. ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 4 ක් සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 10 ක් ලබාගැනීමට සමත් වූහ.

...................................................................................................................................

සිම්බාබ්වේ 170/10

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් රෙජිස් චකබ්වා ලකුණු 26 කට දැවී ගියේය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 14 ක ඉලක්කයක් හිමිවිය.

රෙජිස් චකබ්වා - ප.ඇඹුල්දේණිය 26 (පන්දු 142, මිනිත්තු 186, 4x1)

...................................................................................................................................

සිම්බාබ්වේ 165/9

සිය තෙවැනි කඩුල්ල ලෙස එයින්ස්ලි එන්ලොවුගේ කඩුල්ල දවාගැනීමට ළහිරු කුමාර සමත්විය. සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 8 ක් ඉදිරියෙන්.

එයින්ස්ලි එන්ලොවු - ප.කුමාර 0 (පන්දු 7)

...................................................................................................................................

සිම්බාබ්වේ 163/8

ළහිරු කුමාරගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් කයිල් ජාර්විස්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 6 ක් ඉදිරියෙන්.

කයිල් ජාර්විස් - ප.කුමාර 1 (පන්දු 15)

...................................................................................................................................

සිම්බාබ්වේ 159/7

සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමේ සටනක නිරතව සිටි ඩොනල්ඩ් ටිරිපානෝ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ළහිරු කුමාර සමත්විය. සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 2 ක් ඉදිරියෙන්.

ඩොනල්ඩ් ටිරිපානෝ - ක.මු.කළා ප.කුමාර 6 (පන්දු 61 4x1)

...................................................................................................................................

සිම්බාබ්වේ 159/6

දෙවැනි ඉනිම ආරම්භයේදී ලකුණු 157 ක් පසුපසින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට ලකුණු 2 ක් ඉදිරියට පැණීමට සමත්විය.

...................................................................................................................................

සිම්බාබ්වේ 152/6

අවසන් දිනයේ තේ පානයට තරගය නතර කරනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුඛු 152 ක් රැස්කර සිටින්නේය. රෙජිස් චකබ්බා පන්දු 79 කදී ලකුණු 19 ක් සහ ඩොනල්ඩ් ටිරිපානෝ පන්දු 35 කදී ලකුණු 2 ක් ලබාගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමේ සටනක නිරතව සිටිති

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 5ක් පසුපසින් සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට පසුවන්නේය.

...................................................................................................................................

සිම්බාබ්වේ 150/6

කඩුලුු කිහිිපයක් පිට පිට දැවී යාමත් සමගින් 6 වැනි කඩුල්ල සඳහා එක්වූ සීකන්දර් රාසා සහ රෙජිස් චකබ්බා ලකුණු ලබා ගැනීම පසෙකලා කඩුලු ආරක්ෂා කරගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමේ උත්සහයක නිරත වූහ. නමුත් සීකන්දර් රාසාගෙන් සුළු අත් වැරැද්දක් වෙනතුරු බලාසිටි නිරෝෂන් දික්වැල්ල ඔහුව ස්ටම්ප් කිරීමකට හසුකර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 8 ක් පසුපසින් සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට පසුවන්නේය.

සීකන්දර් රාසා - ස්ට.දික්වැල්ල ප.ඇඹුල්දෙණිය 17 (පන්දු 55, 4x1)

...................................................................................................................................

සිම්බාබ්වේ 123/5

දිවා ආහාරයෙන් පසුව යවන ලද පළමු ඕවර 2 දී තවත් කඩුලු 2 ක් බිඳ හෙලීමට සුරංග ලක්මාල් සහ කසුන් රාජිත සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 33 ක් පසුපසින් සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට පසු වන්නේය.

ඒ සමගින් ශෝන් විලියම්ස් සහ බ්‍රෙන්ඩන් ටේලර් සිවුවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 79 ක සම්බන්ධතාවයද බිඳ වැටුණි.

බ්‍රෙන්ඩන් ටේලර් - ඇ.මෙන්ඩිස් ප.ලක්මාල් 38 (මිනිත්තු 106, පන්දු 58,  4x5, 6x1)

ශෝන් විලියම්ස්  - ඇ.දික්වැල්ල ප.රාජිත 39 (මිනිත්තු 102, පන්දු 79, 4x5)

...................................................................................................................................

සිම්බාබ්වේ 120/3

පස්වැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට සිම්බාබ්වේ කණ්ඩායම් කඩුලු 3 ක් දැවී ලකුණු 120 ක් රැස්කර සිටියේය. ශෝන් විලියම්ස් ලකුණු 39 ක් සහ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 38 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔවුන් සමත්වූහ.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 37 ක් පසුපසින් සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට පසු වන්නේය.

...................................................................................................................................

සිම්බාබ්වේ 101/3

අද දින ආරම්භයේදී පිට පිට කඩුලු 3 ක් දැවී ගියද කඩා වැටුණු සිම්බාබ්වේ දෙවැනි ඉනිම ගොඩනගමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 60 සම්බන්ධතාවයක් ගොඩනැගීමට ශෝන් විලියම්ස් සහ බ්‍රෙන්ඩන් ටේලර් සමත්වූහ.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 56 ක් පසුපසින් සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට පසු වන්නේය.

...................................................................................................................................

සිම්බාබ්වේ 41/3

අද දින පිට පිට යවන ලද තෙවැනි ඕවරයේදී නැවතත් ක්‍රියාත්මක වූ සුරංග ලක්මාල් පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි තර්ජනයක් එල්ල කළ ක්‍රෙග් එර්වින් දවාගැනීමට සමත්විය. ඒ අනුව පළමු ඉනිමේදී අර්ධ ශතක ලබාගත් මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සුරංග ලක්මාල් සමත්විය.

ක්‍රෙග් එර්වින් - ඇ.කරුණාරත්න ප.ලක්මාල් 7 (මිනිත්තු 18, පන්දු 13)

...................................................................................................................................

සිම්බාබ්වේ 36/2

නැවතත් ක්‍රියාත්මක වූ සුරංග ලක්මාල් අද දිනයේ ඔහු යවන ලද දෙවැනි ඕවරයේදී අනෙක් ආරම්භක පිතිකරුවා වූ බ්‍රයන් මුඩ්සින්ගන්යමා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත්විය.

බ්‍රයන් මුඩ්සින්ගන්යමා - ක.මු.කළා ප.ලක්මාල් 16 (මිනිත්තු 92, පන්දු 62, 4x2)

...................................................................................................................................

සිම්බාබ්වේ 35/1

අද දිනයේ දෙවැනි ඕවර යැවීම සඳහා අනෙක් අන්තයෙන් පන්දුව අතට ගත් සුරංග ලක්මාල් ආරම්භක පිතිකරු ප්‍රින්ස් මසවුරේ දවාගැනීමට සමත්විය.

ප්‍රීන්ස් මසවුරේ - ඇ.දික්වැල්ල ප.ලක්මාල් 17 (මිනිත්තු 82, පන්දු 58, 4x2)

 

...................................................................................................................................

පෙරවරු 10.00 -

පස්වැනි සහ අවසන් දිනයට තරගය ආරම්භ කිරීම සඳහා ලසිත් ඇඹුල්දෙණිය සුදානමින්.

...................................................................................................................................

සිම්බාබ්වේ 30/0

සිවුවැනි දිනය සඳහා තරගය නතර කරන විට සිම්බාබ්වේ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 30 ක් ලබා ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 127 ක් පසුපසින් සිටියේය.

ඒ වන විට ප්‍රින්ස් මස්වවුරේ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 15 ක්ද, බ්‍රයන් මුඩ්සින්ගන්යමා හතරේ පහර 2 ක් සමගින් ලකුණු 14 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

...................................................................................................................................

සිම්බාබ්වේ 11/0

දෙවැනි ඉනිමේ මුල් ඕවර 10 තුළදී කඩුලු අරාක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවෝ එහිදී රැස්කළේ ලකුණු 11 ක් පමණි.

...................................................................................................................................

සිම්බාබ්වේ කණ්ඩායම ‍ලකුණු 157 ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම අරඹයි.

ඉනිම ආරම්භ කිරීම සඳහා ප්‍රින්ස් මස්වවුරේ සහ බ්‍රයන් මුඩ්සින්ගන්යමා පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.


අදහස් (0)

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.