Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිල අනුග්‍රහය යළිත් ඩයලොග් සමාගමට...

නිල අනුග්‍රහය යළිත් ඩයලොග් සමාගමට...

යොහාන් භාසුර - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රහකත්වය ඉදිරි වසර තුනක් සඳහා නැවතත් ‘ඩයලොග් ආසියාටා’ සමාගමට ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රහකත්වය සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ‘ඩයලොග්’ සමාගම සහ ඉන්දීය සමාගමක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. ඒ අතරින් ‘ඩයලොග්’ සමාගමෙන් වැඩි ඉල්ලුම ලැබී ඇති බව දැනගන්නට තිබේ.

‘ඩයලොග්’ සමාගම පසුගිය වසරේ (2019) මුල දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස කටයුතු කළ ද එම වසරේ මැයි මස එංගලන්තයේදී ආරම්භ වූ ලෝක කුසලාන තරගාවලියේදී පානීය ජලය සපයන ඉන්දීය සමාගමක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රහක තැනට පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම වසර මුලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහකයකු ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීය. කෙසේ වෙතත් මෙම ටෙන්ඩරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වූ ආදායම නොලැබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.     

 


අදහස් (0)

නිල අනුග්‍රහය යළිත් ඩයලොග් සමාගමට...

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.