Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිපුන් - නදීෂාන් යොවුන් පිලට ජය ගෙනෙති

නිපුන් - නදීෂාන් යොවුන් පිලට ජය ගෙනෙති

editorial - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන තුන් කොන් යොවුන් එක්දින ජාත්‍යන්තර තරගාවලියේ හයවැනි තරගයේදී කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව ලකුණු 120 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඊයේ (14 වැනිදා) සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක් ඉලක්කයක් හඹාගිය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායමට කවිඳු නදීෂාන් සහ සුධීර තිලකරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 34.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ නදීෂාන් ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර කොදෙව් යොවුන් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සුධීර තිලකරත්න ලකුණු 10 කට කඩුලු 3 ක් බිඳහෙළුවේ නිලකුණු ඕවරයක්ද යවමිනි.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 234 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ නැංගුරම බවට පත්වූ නායක නිපුන් ධනංජය පන්දු 98 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 91 ක් රැස් කළේය.

රවිඳු රෂාන්ත (43) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ධනංජය, ඉන් නොනැවතී සුධීර තිලකරත්න සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 59 කට මුහුණුදුන් රවිඳු රෂාන්ත හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසීය.

ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වන මීළඟ තරගය අද (15 වැනිදා) එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව කූලිජ්හිදී පැවැත්වීමට නියමිතය.

- 036


අදහස් (0)

නිපුන් - නදීෂාන් යොවුන් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.