Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධවාන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

ධවාන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

editorial - 2019 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - රොෂාන් ගුණරත්න)

මහපටැඟිල්ලේ ඇති වූ ආබාධය හේතුවෙන් ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග අහිමිවනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය අද (19 වැනිදා) නිවේදනය කළේය.

ජුනි 9 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී පැටි්‍රක් කමින්ස්ගේ පන්දුවක් ඇඟිල්ලේ වැදීමෙන් ධවාන් ආබාධයට ලක් විය. කෙසේ වුවත් එම තරගයේදී ශතකයක් ලබාගනිමින් ඉන්දීය කණ්ඩායමට ලකුණු 36 ක ජයක් ලබා දුන් ධවාන් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගැනීමටද සමත් විය.

වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ධවාන්ට මාසයක පමණ කාළයක් විවේක ගැනීමට සිදුවීම හේතුවෙන් ලෝක කුසලාන බලාපොරොත්තු අතහැර දැමීමට ඔහුට සිදුවිය.

ආබාධයට ලක්වූ ධවාන් වෙනුවට ප්‍රහාරාත්මක පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකුද වන රිෂාබ් පාන්ට් ඉන්දීය සංචිතයට කැඳවා සිටියි. බොහෝ දුරට ඔහු ඇෆ්ඝනිස්තානයට එරෙහිව සදම්ප්ටන්හිදී ලබන සෙනසුරාදා (22 වැනිදා) පැවැත්වෙන තරගයේදී ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කිරීමටද ඉඩ තිබේ.

 


අදහස් (0)

ධවාන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.