Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි තැනට

දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි තැනට

editorial - 2019 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රසාද ලකුණු 716 ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමත් වී තිබේ. එය ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළදී මේ දක්වා හිමිකරගත් ඉහළම ශ්‍රේණිගත ස්ථානයද වේ.
 
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර ටෙස්ට් පිතිකරුවන් අතර 13 වැනි ස්ථානයේ පසු වූ දිමුත්ට, දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් සමගින් ලකුණු 161 ක් (39 ක් සහ 122 ක්) රැස්කිරීම හේතුවෙන් ස්ථාන 5 ක් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී ඇත. එම තරගයේ වීරයා ලෙසද දිමුත් සම්මාන ලැබීය.
 
පළමු ටෙස්ට් පිතිකරුවන් 50 දෙනා අතර රැදී සිටන සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන් වන ඇන්ජලෝ මැතිව්ස් 14 වැනි ස්ථානයේද, කුසල් මෙන්ඩිස් 19 වැනි ස්ථානයේද, දිනේෂ් චන්දිමාල් 29 වැනි ස්ථානයේද, නිරෝෂන් දික්වැල්ල 33 වැනි ස්ථානයේද, කුසල් පෙරේරා 45 වැනි ස්ථානයේද රැදී සිටිති.
 
මේ අතර අළුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ ඉනිමේ දෙකේදීම ශතක ලබාගත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් (144 ක් සහ 142 ක්), දෙවැනි තරගයේ පළමු ඉනිමේදීද ලකුණු 92 ක් රැස්කරමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් ප්‍රසාද ලකුණු 913 ක් ලබා ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි.
 
ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි ප්‍රසාද ලකුණු 922 ක් ලබා ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර මේ වන විට ඔහු සහ ස්මිත් අතර පවතින පරතරය ලකුණු 9 ක් පමණි. ඉදිරියේදී ස්මිත් එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර කෝලි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීමට නියමිතය.

ස්මිත්ගේ ඉහළ නැගීමත් සමග ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගෙන සිටි නවසීලන්ත නායක කේන් විලියම්සන්ට සහ ඉන්දීය ක්‍රීඩක චෙටේෂ්වර් පුජාරාට එහි තෙවැනි සහ සිව්වැනි ස්ථාන දක්වා එක් ස්ථානය බැගින් පසුබැසීමට සිදුව තිබේ. ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගිය විලියම්සන්ට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම
1 විරාට් කෝලි - 922
2 ස්ටීවන් ස්මිත් - 913
3 කේන් විලියම්සන් - 887
4 චෙටේෂ්වර් පුජාරා - 881

5 හෙන්රි කිකොල්ස් - 770
6 ඒඞ්න් මාක්‍රම් - 719
7 ක්වින්ටින් ඩි’කොක් - 718
8 දිමුත් කරුණාරත්න - 716
9 ජෝ රූට් - 710
10 ෆෆ් ඩුප්ලෙසි - 702

14 ඇන්ජලෝ මැතිව්ස් - 674
19 කුසල් මෙන්ඩිස් - 652
29 දිනේෂ් චන්දිමාල් - 597
33 නිරෝෂන් දික්වැල්ල - 582
45 කුසල් පෙරේරා - 537

-036

 


අදහස් (0)

දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.