Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තෙවැනි ශතකය ධවාන්ගෙන්

තෙවැනි ශතකය ධවාන්ගෙන්

editorial - 2020 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (17 වැනිදා) පැවැති තරගයේදී නොදැවී ලකුණු 101 ක් රැස්කරමින් මෙවර අයි.පී.එල්. තරගාවලියේදී වාර්තා වූ තෙවැනි ශතකය ලබාගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු ලබාගැනීමට පෙරම බිඳවැටිණ. එහෙත් පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග ධවාන් ලබාගත් ශතකය, දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය සමීපයටම රැගෙන ආවේය. අවසන් ඕවරයේ පන්දු 4 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 20 ක් රැස්කළ අක්ෂර් පටේල් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
 
දිල්ලි ඉනිමේ 8 වැනි ඕවරයේදී රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ ලකුණු 25 ක් ලබා සිටියදී ධවාන් දුන් උඩපන්දුව ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි දීපක් චාහර් අතින් ගිළිහී යෑම තරගයේ පරාජයට බෙහෙවින්ම බලපෑ බව තරගයෙන් අනතුරුව චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි කියා සිටියේය.

‍මේ අතර සෙනසුරාදා පැවැති තවත් තරගයකදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. වේගවත් පිතිහරඹයක නිතර වූ ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 22 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 55 ක් රැස්කරමින් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.


දිල්ලි පිලට කඩුලු 5 ජයක්
 
චෙන්නායි සුපර් කිංග්ස්  - ඕවර 20 කදී කඩුලු 4 කට 179
(ෆෆ් ඩුප්ලෙසී 58, ෂේන් වොට්සන් 36, අම්බටි රයියදු නොදවී 45, රවින්ද්‍ර ජදේජා නොදැවී 33, ඇන්රික් නොයේ 44/2)

දිල්ලි කැපිටල්ස්  - ඕවර 19.5 කදී කඩුලු 5 කට 185
(ශිකාර් ධවාන් නොදැවී 101, ශ්‍රෙයාස් අයියර් 23, මාකස් ස්ටොයිනිස් 24, අක්ෂර් පටේල් නොදැවී 21, දීපක් චාහර් 18/2)

                                                                         
බැංගලෝර් පිලට කඩුලු 7 ක ජයක්

රාජස්ථාන් රෝයල්ස්  - ඕවර 20 කදී කඩුලු 6 කට 177
(රොබින් උතප්පා 41, බෙන් ස්ටෝක්ස් 15, ස්ටීවන් ස්මිත් 57, ජොස් බට්ලර් 24, රාහුල් තේවතියා නොදැවී 19, ක්‍රිස් මොරිස් 26/4, යුස්වේන්ද්‍ර චාහල් 34/2)

බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් පිල - ඕවර 19.4 කදී කඩුලු 3 කට 179
(දෙව්දූත් පඩික්කල් 35, ඒරන් ෆින්ච් 14, විරාට් කෝලි 43, ඒ.බී. ඩිවිලියර්ස් නොදැවී 55, ගුරුකීත් සිං නොදැවී 19)


-036

 


අදහස් (0)

තෙවැනි ශතකය ධවාන්ගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.