Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිසරලාගේ ඩකා පිල දෙවැනි ජයත් ලබයි

තිසරලාගේ ඩකා පිල දෙවැනි ජයත් ලබයි

editorial - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගය ලෙස ශිලාත් තන්ඩර් කණ්ඩායම සහ ඩකා ප්ලැටූන් කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 24 ක ජයක් අත්කර ගැනීමට ඩකා ප්ලැටූන් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය ශිලාත් තන්ඩර් කණ්ඩායමට ඩකා ප්ලැටූන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 158 ක් පමණි. නායන මෂ්රෆී මොටාසා සහ හසන් මහමුද් කඩුලු 2 බැගින් දවාගනිමින් ශිලාත් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ශිලාත් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක මොසැඞ්ඩෙක් හොසෙන් පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 60 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ජොන්සන් චාල්ස් පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක්ද, දෙල්වර් හොසේන් පන්දු 15 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක් රැස්කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ප්ලැටූන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු එනමුල් හක් පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 62 ක් රැස්කළේය.

ටමීම් ඉක්බාල් (31) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද එනමුල් සමත් වූ අතර පන්දු 28 කදී වාර්තා වූ ටමීම්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය. ලෝරි එවන්ස් පන්දු 21 කදී ලකුණු 21 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

ජකීර් අලී පන්දු 12 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කළ අතර අවසන් ඕවර කිහිපයේදී පන්දු 11 කට මුහුණදුන් තිසර පෙරේරා හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 22 ක්ද, වහබ් රියාස් පන්දු 7 කදී හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 17 ක්ද රැස්කරමින් ඩකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ඩකා ප්ලැටූන් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 182
(ටමීම් ඉක්බාල් 31, එනමුල් හක් 62, ලෝරි එවන්ස් 21, ජාකිර් අලී 20, තිසර පෙරේරා නොදැවී 22, වහබ් රියාස් නොදැවී 17)

ශිලාත් තන්ඩර් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 158
(රොනී තලුක්දාර් 14, ජොන්සන් චාල්ස් 19, මොසැඩ්ඩෙක් හොසේන් නොදැවී 60, දෙල්වර් හොසේන් 17, හසන් මහමුද් 24/2, මෂ්රෆී මොටාසා 29/2)

-036


අදහස් (0)

තිසරලාගේ ඩකා පිල දෙවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.