Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිසරගේ තුන් ඉරියව් දස්කම් ඩකා පිල දිනවයි

තිසරගේ තුන් ඉරියව් දස්කම් ඩකා පිල දිනවයි

editorial - 2019 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

තිසර පෙරේරාගේ තුන් ඉරියව් දස්කම් හමුවේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස කොමිලා වොරියර්ස් කණ්ඩායම සහ ඩකා ප්ලැටූන් කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට ඩකා ප්ලැටූන් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය කොමිලා වොරියර්ස් කණ්ඩායමට තිසර පෙරේරා ප්‍රමුඛ ඩකා ප්ලැටූන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160 ක් පමණි. කොමිලා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඬේවිඞ් මැලන් පන්දු 36 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය.

කොමිලා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් භානුක රාජපක්ෂ පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කළ අතර සෞම්‍ය සාකර් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක්ද, මිහිදුල් ඉස්ලාම් පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 37 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ තිසර පෙරේරා ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගනිමින් කොමිලා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළ අතර එහිදී ඔහුට අනගි සහායක් දුන් වහබ් රියාස් ලකුණු 16 කට කඩුලු 2 ක් බිඳහෙළීය. 12 වැනි ඕවරයේ පිට පිට පන්දු 2 කදී සබීර් රහන් සහ දසුන් ශානක දවාගත් තිසර, ඉන් නොනැවතී 19 වැනි ඕවරයේදී මිහිදුල් ඉස්ලාම්, අබූ හයිඩර් සහ සුන්සමුල් ඉස්ලාම් දවාගැනීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ප්ලැටූන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 53 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 74 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදි ලෝරි එවන්ස් (23) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉක්බාල් සමත් විය. පන්දු 24 කදී වාර්තා වූ එවන්ස්ගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 17 කට මුහුණදුන් තිසර පෙරේරා එහිදී නොදැවී ලකුණු 42 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි.


ඩකා ප්ලැටූන් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 180
(ටමීම් ඉක්බාල් 74, මෙහෙදි හසන් 12, ලෝරි එවන්ස් 23, තිසර පෙරේරා නොදැවී 42, සෞම්‍ය සාකර් 39/2, දසුන් ශානක 48/2)

කොමිලා වොරියර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 160
(භානුක රාජපක්ෂ 29, සෞම්‍ය සාකර් 35, ඬේවිඞ් මැලන් 40, මිහිදුල් ඉස්ලාම් 37, තිසර පෙරේරා 30/5, වහබ් රියාස් 16/2)

-036

 


අදහස් (0)

තිසරගේ තුන් ඉරියව් දස්කම් ඩකා පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.