Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිසරගේ ටයිගර්ස් පිලට කඩුලු 6 ක පරාජයක්

තිසරගේ ටයිගර්ස් පිලට කඩුලු 6 ක පරාජයක්

editorial - 2019 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දයහයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර ඊයේ (16 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. බංග්ලා ටයිගර්ස් කණ්ඩායම තිසර පෙරේරාගේ නායකත්වය යටතේ මෙම තරගයට සහභාගි වී සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ෂේන් වොට්සන් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක් රැස්කරමින් ග්ලැඩියේටර්ස් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ඇන්ටන් ඩොව්රිච් (27) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වොට්සන් සමත් වූ අතර පන්දු 11 කදී වාර්තා වූ ඩොව්රිච්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. භානුක රාජපක්ෂ පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 12 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 108 ක් ලබාගත් අතර ටයිගර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කොලින් ඉන්ග්‍රම් පන්දු 21 කදී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 4 ක් සමගිනි. ටයිගර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රිලී රූසොව් පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 26 ක් රැස්කළේය.

නායක තිසර පෙරේරාට පන්දු 3 කදී රැස්කරගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිගෙල් ප්‍රිටෝරියස් සිය ඕවර 2 ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය.

බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 5 කට 108
(රිලී රූසොව් 26, කොලින් ඉන්ග්‍රම් 37, ටොම් මූරස් 15, මිගෙල් ප්‍රිටෝරියස් 10/3)

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල - ඕවර 9.5 කදී කඩුලු 4 කට 109
(ෂේන් වොට්සන් 41, ඇන්ටන් ඩොව්රිච්, භානුක රාජපක්ෂ 12, ඩැනියෙල් ලෝරන්ස් නොදැවී 15, ඬේවිඞ් වයිස් 15/2)

-036


අදහස් (0)

තිසරගේ ටයිගර්ස් පිලට කඩුලු 6 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.