Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඨාකූර් - සුන්දර් වික්‍රමාන්විත සටනක

ඨාකූර් - සුන්දර් වික්‍රමාන්විත සටනක

editorial - 2021 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශර්දුල් ඨාකූර් සහ වොෂින්ටන් සුන්දර් දෙදෙනා එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණ 123 ක වික්‍රමාන්විත සම්බන්ධතාව නිසා හිස් ඔසවාගත් ඉන්දීය ක්‍රීඩකයෝ බි්‍රස්බේන්හිදී පැවැත්වෙන සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 336 ක් ලබාගත්හ. තරගයේ තුන්වැනි දිනය වූ අද (17 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ලකුණු 54 කින් ඉදිරියෙන් සිටි ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 21 ක් ලබා සිටියේය. 

ඉන්දීය කණ්ඩායම වරෙක ලකුණු 186 කට කඩුලු 7 ක් දැවී ඉතාමත් අසරණ අඩියකට වැටී සිටියද ඨාකුර් සහ සුන්දර් දෙදෙනාගේ සම්බන්ධතාව නිසා ලකුණු 300 සීමාව පසුකර ගියේය.

තුන් ඉරියව් ක්‍රීඩකයකු වන වොෂින්ටන් සුන්දර්ගේ මංගල ටෙස්ට් තරගය මෙයයි. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ඉන්දීය කණ්ඩායමට කැඳවන ලද්දේ ඉන්දීය පිලේ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් අසනීප වීම හේතුවෙනි. එහෙත් සටන්කාමී පිතිහරඹයක නිරත වූ දෙදෙනාගේ සම්බන්ධතාව පැට් කමින්ස්ගේ පන්දුවකින් අවසන් වූ නමුත් ශර්දුල් ඨාකූර් මෙන්ම වොෂිංටන් සුන්දර් දෙදෙනාම අද තරගයේදී සිය මංගල ටෙස්ට් අර්ධ ශතක වාර්තා කළහ. 

සුන්දර් සහ ඨාකූර් දෙදෙනා එක්ව බිඳ දමන ලද්දේ වසර 30 කට එපිටදී කපිල් දේව් සහ මනෝජ් ප්‍රභාකර් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 58 ක සම්බන්ධතාවේ වාර්තාවයි. ජොස් හේසල්වුඩ් ලකුණු 57 කට කඩුලු 5 ක් දවාගත් නමුත් අටවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳගත නොහැකි වීමෙන් තරගයේ වාසිය තරමක් දුරට ගිළිහී ගියේය. 

ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන බෝඩර් - ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබේ. එබැවින් බි්‍රස්බේන් තරගයේ ජයග්‍රාහකයා තරගාවලියේ ජයග්‍රාහකයාද වනු ඇත. 

ඕස්ටේ්‍රලියාව - පළමු ඉනිම 369
(මානස් ලැබුෂේන් 108, ස්ටීවන් ස්මිත් 36, මැතිව් වේඩ් 45, කැමරන් ග්‍රීන් 47, ටිම් පේන් 50, මිචෙල් ස්ටාක් නොදැවී 20, නේදන් ලයන් 24, ජොස් හේසල්වුඩ් 11, තංගරාසු නටරාජන් 78/3, ශර්දුල් ඨාකූර් 94/3, වොෂින්ටන් සුන්දර් 89/3)

ඉන්දියාව - පළමු ඉනිම 336
(රෝහිත් ෂර්මා 44, චෙටේස්වාර් පුජාරා 25, අජින්ක්‍යා රහනේ 37, මයාන්ක් අගර්වාල් 38, රිෂාබ් පන්ට් 23, වොෂින්ටන් සුන්දර් 62, ෂර්දුල් ඨාකුර් 67, මොහොමඩ් සිරාජ් 13, මිචෙල් ස්ටාක් 88/2, ජොස් හේසල්වුඩ් 57/5, පැට් කමින්ස් 94/2)

ඕස්ටේ්‍රලියාව - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 21

 - 213


අදහස් (0)

ඨාකූර් - සුන්දර් වික්‍රමාන්විත සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.